ඉන්දියානු විද්‍යාඥයින් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව ආසියානු අලි ඇතුන් තම මියගිය පැටවුන් මහ හඬින් වැලපෙමින් වළදමන බවට සොයාගෙන තිබෙනවා.
මිනිස් අවමංගල්‍ය චාරිත්‍ර සිහිගන්වන හැසිරීම් ඔවුන් සතුව ඇති බවටයි සඳහන් කරන්නේ.
2022 සහ 2023 දී ඉන්දියාවේ බෙංගාල කලාපයේ මෙම අලි ඇතුන් විසින් සිදු කරන ලද පැටවුන් භූමදාන පහක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන ඇති අතර, ඒවායෙන් මෙම නිගමනයට පැමිණ ඇති බවට ඔවුන් සඳහන් කරනවා.
ඒ සෑම අවස්ථාවකදීම රංචුවක් මියගිය පැටවා කඳෙන් සහ පාදවලින් ගෙන ගොස් දෙපා ඉහළට තබා පොළොවේ වළලනු ලැබූ බව ඔවුහු සොයා ගෙන තිබෙනවා.
"අවස්ථාවාදී නිරීක්ෂණ, ඩිජිටල් ඡායාරූපකරණය, ක්ෂේත්‍ර සටහන් සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මගින්, අපි යෝජනා කරන්නේ පැටවාගේ මරණයට හේතු කුමක් වුවත්, මළ සිරුරු අසාමාන්‍ය ලෙස තැන්පත් වී ඇති ආකාරයට වළලා ඇති බවයි," මෙම පරීක්ෂණය සිදු කල විද්‍යාඥයින් පවසා තිබෙනවා,.
එක් අවස්ථාවක අලි රංචුව මහ හඬින් ගර්ජනා කරමින් වළ දැමූ පැටවාගේ සොහොන ළඟ හිඳිමින් ශබ්ද කළ බවටද සඳහන් වෙනවා.
වැඩුණු අලින්ගේ ශරීර රැගෙන යාමේ හැකියාවක් නොමැති බැවින් පැටවුන්ගේ පමණක් මෙලෙස රැගෙන ගොස් මිහිදන් කරන බවටයි සොයාගෙන ඇත්තේ.
මෙලෙස භූමදාන කටයුතුවලින් පසුව විනාඩි 40ක් ඇතුලත ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව යන බවටද සඳහන්.