මේ දවස්වල රූපවාහිනී නිවේදකයන්ට,නිවේදිකාවන්ට එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි.
පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ බව කියන ඔස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදකයෙකු සහ ඔහුගේ පෙම්වතාගේ බවට සැක කරන මළ සිරුරු දෙකක් ඊයේ(27) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිඩ්නි නුවරට සැතපුම් 124ක් නිරිත දෙසින් පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක surf bagsවල තිබී මෙම මළසිරුරු සොයා ගත් බවයි.
26 හැවිරිදි Jesse Baird සහ ඔහුගේ පෙම්වතා වන Luke Davies පසුගිය සතියේ Sydneyහිදී ඝාතනයට ලක්ව තිබෙනවා.
මියගිය රූපවාහිනී නිවේදකයා සමඟ මීට පෙර සබඳතාවක් පවත්වාගෙන ගිය පොලිස් නිලධාරියෙකු වන Lamarre-Condon විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
මේ වන විට අනාවරණය වී ඇත්තේ සැකකාර පොලිස් නිලධාරියා සිය නිවසේදී රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා මෙම ඝාතන සිදු කර සුදු වෑන් රථයකින් සිරුරු ප්‍රවාහනය කර ඇති බවයි.