කාලෙන් කාලෙට වෙනස් වෙනස් විලාසිතා වලින් දකින්න ලැබෙන සාරංග, පහුගිය දවසක තවත් සුවිශේෂී උත්සවයකට සහභාගී වුණා. ඒ තමයි සාරංගගේ ආදරණීය බිරිඳ දිනක්ෂිගේ චූටි නංගි, ඒ කියන්නේ සාරංගගේ පොඩි නෑනා ශනුද්‍රි ප්‍රියසාද්ගේ විවාහ මංගල උත්සවය.
ශනුද්‍රිගේ විවාහය ගැන මුළු රටම කතා වෙද්දී, ඒ මංගල උත්සවයේදී සාරංග දිසාසේකර හැඩවෙලා හිටපු විදිය ගැනත් දැන් හැමෝම කතා කරන්න පටන් අරන්. කඩවසම් සාරංග එදා මංගල උත්සවයට තෝරාගෙන තිබුණේ ඉතාමත් ආකර්ෂණීය සහ රාජකීය පෙනුමක් ලැබෙන විලාසිතාවක්.
තමන්ගේ නෑනාගේ මංගල දිනය තවත් හැඩ කරන්න සාරංග සහ දිනක්ෂි දෙන්නාම පවුලේ අය එක්ක පෙනී සිටි ඡායාරූප දැන් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිරෙනවා. බොහෝ දෙනෙක් පවසන්නේ සාරංගගේ මේ අලුත්ම පෙනුම ඔහුට ඉතාමත් හොඳින් ගැළපෙන බවයි.
නෑනාගේ ලොකුම දවසේ ඇයට ආශිර්වාද කරන්න ආපු සාරංගගේ ඒ සුන්දර අවස්ථාවන් පෙළක් පහතින් බලන්න.