හැබැයි ඔන්න ඒ වැස්සත් එක්කම මුළු රටටම ලොකු තර්ජනයක් වෙන්න පුළුවන් භයානක ආරංචියක් ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් නිකුත් කරලා තියෙනවා. ඒ තමයි වැස්සත් එක්කම ලංකාව පුරා ඩෙංගු රෝගීන් වාර්තාවීම වේගයෙන් ඉහළ යන්න පටන් අරන් කියන එක!
මේ අවුරුද්දේ ගතවුණු මාස කිහිපයට විතරක් ලංකාවෙන් ඩෙංගු රෝගීන් 28,713 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා කියලයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කරන්නේ.
හුදෙක් රෝගීන් වාර්තා වීම විතරක් නෙවෙයි, මේ වෙනකොට අවාසනාවන්ත ලෙස සිදුවූ ඩෙංගු මරණ ගණන 15ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඩෙංගු කියන්නේ අපි හිතනවාට වඩා ගොඩක් දරුණු වෙලා තියෙනවා.
මේ භයානක තත්ත්වයෙන් බේරෙන්න නම්, වටපිටාවේ වතුර රැඳෙන තැන්, ටින්, තැඹිලි කෝම්බ, ප්ලාස්ටික් බඳුන් වගේ මදුරුවෝ බෝවෙන්න පුළුවන් හැම තැනක්ම වහාම පිරිසිදු කරන්න කියලා ඩෙංගු මර්දන ඒකකය මුළු මහත් මහජනතාවගෙන්ම බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
උණක් හෙම්බිරිස්සාවක් හැදුණොත් නිකන් ඉන්නේ නැතුව, වහාම වෛද්‍ය උපදෙස් ගන්න එකත් මේ දවස්වල ඇඟට ගුණයි!