තිරයේදී දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටි විජේ, දැන් සැබෑ ජීවිතයේදීත් ජනතාවගේ හදවතටම වදින තීරණ රැසක් අරන්!
විජේ මහ ඇමති පුටුවේ වාඩි වෙලා තැබූ පළමු අත්සනම වෙන් වුණේ තමිල්නාඩු ජනතාවගේ විදුලි බිලට සහනයක් දෙන්නයි. ඒ අනුව,
ගෘහස්ථ පාරිභෝගිකයන්ට මාස දෙකකට වරක් විදුලි ඒකක 200ක් නොමිලේ!
මෙම සහනය ලැබෙන්නේ මාස දෙකක් ඇතුළත ඒකක 500ට අඩුවෙන් පාවිච්චි කරන පවුල් වලටයි.
බලයට ආපු ගමන්ම විජේ තවත් "Power" වැඩ දෙකකට අත ගහලා තියෙනවා,
ප්‍රාන්තය පුරා තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දමන්න විශේෂ බලකායක් පිහිටෙව්වා.
කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ හදිසි උපකාරක සේවාවක් සහ ආරක්ෂක බලකායක් වහාම ක්‍රියාත්මක කළා.
ප්‍රථම මහජන ඇමතීමේදී විජේ බොහොම හැඟුම්බරව කතා කළා."මම සිනමා සහායක අධ්‍යක්ෂවරයෙක්ගේ පුතෙක්. මම කුසගින්න සහ දුප්පත්කම හොඳට අත්විඳලා තියෙනවා. ඒ නිසා ජනතා මුදල් අවභාවිතා කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නැහැ.."
විජේගේ මේ ඓතිහාසික ජයග්‍රහණයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා සුබ පතලා තියෙනවා. "රේස් එක පටන් ගත්තේ අන්තිමට වුණාට, දිනුවේ මුලින්මයි" කියලා දැන් විජේගේ රසිකයෝ සමාජ මාධ්‍ය පුරා උත්සව පවත්වනවා.