රූකාන්ත හා චන්ද්‍රලේකාගේ දියණිය වන රයිනි චාරුකා පසුගියදා ඇයගේ අනෙක් සහෝදරිය ඇතුළු පවුලේ සාමාජිකයින් සිටින ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ පළකර තිබුණු අතර එයට ඇයගේ රසිකාවියක් කමෙන්ට් එකක් දමා තිබුණේ ‘‘ඔයාගේ අම්මාට අනිත් දුව අමතක ඇති නේද‘‘ යනුවෙන් පළකරමිනුයි.
මේ පිළිබඳව ඇයට රයිනි විසින් පිළිතුරක් ලබාදී තිබුණු අතර ඇය පවසා තිබුණේ අපේ රටේ සමහර මිනිසුන්ගේ මානසිකත්වය ගැන ඇයට කණගාටු බවයි. ‘‘ඇහුවොත් සංස්කෘතිය, ගුණ වරුණා ගැන කතා කෙරුවට මේක තමයි මිනිස්සුන්ගේ හැටි, කොටින්ම කීවොත් මිනිස්සුන්ට කතා කරන හැටි බලන්න‘‘ යනුවෙන් ද එහි සඳහන් කර තිබුණි.