නිල්මිණි තෙන්නකෝන් කියන්නේ හැමදාමත් රසික රසිකාවියන්ගේ ආදරය නොමදව දිනාගත් චරිතයක්. නිල්මිණී කියනකොටම ගොඩක් දෙනාට මතක් වෙන තව නමක් තියෙනවා.
ඒ තමයි මධුමාධව අරවින්ද. මධූ පහුගිය දවසක සමාජ වෙබ් අඩවි හරහා ලිපියක් පළ කරලා තිබ්බා.
ඒ ගැන නිල්මිණී තෙන්නකෝන් කියන්නෙ මේ වගේ කතාවක්.
මට ඒ ගැන ප්‍රතිචාර දක්‌වන්න බෑ. මොකද මං කාගෙවත් පවුලක් කඩලා නෑ. හැබැයි මගේ පවුල කඩපු ගෑනු අය ගොඩයි. මේ දේවල්වලට මට නං සමාව දෙන්න බෑ. මධු බැඳගත්ත ඒ ගෑනු කෙනාට මගෙන් නම් සමාවක් ඇත්තෙම නෑ. ඒ දේවල් කොයි වෙලාවේ හරි පඩිසන් දෙනවා. දිට්‌ට ධම්ම වේදනීය කර්ම කියලයි මට කියන්න තියෙන්නේ. අපි හොඳින් පවුල් කද්දී ඊර්ෂ්‍යා කරපු පවුල් කඩා ඉහිරවපු ගෑනු අය හුඟක් හිටියා. අනික පැදුරටත් නොකියා දාල ගිය ගෑනු කෙනෙකුට මෙච්චර සමාවක් දෙන්නේ කොහොමද මන්දා. කව්රු හිටියත්, කව්රු පිටතින් ආවත් මධුගේ ආදරේ අයිතිය තියෙන්නේ ශ්වේතා දුවට. ඕන කෙනෙකුට ඕන දෙයක් ලියන්න කියන්න පුළුවන්. හැබැයි මං එතන නෑ. මං කළේ එක ආදරයයි. මගේ ජීවිතේ එතන නතරවෙලා.
ඒ කියන්නේ නිල්මිණි තාමත් මධුට ආදරෙයි කියලද..
මං ඔය කියපු දේ ලියුවොත් ඒක තේරෙයි ඉතිං..
ඒ කියන්නෙ මධුයි, නිල්මිණියි ආයෙමත් එක වහලක් යටට ඒවිද..
අනේ මන්දා... කාලයට භාරයි හැමදේම.
ඔබට මධු එහෙම ආරාධනාවක් කළොත්...
ඒක ගැන දැන්ම මුකුත් කියන්න බෑ. මොකද දික්‌කසාද නඩුවක් යනකොට මට මුකුත් කියන්න බෑනේ.