තරුණයා මිය ගිය පුවත සැලවීමත් සමග ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසින් ඊයේ රාත්‍රියේ ඩයරබා මංසන්ධියේ පිහිටි අදාළ මත්පැන් අලෙවි සැලද පහර දී විනාශ කර තිබෙනවා.
මත්පැන් අලෙවිසැලේ සේවකයින් අදාළ තරුණයාට පහරදී බරපතල තුවාල සිදුකර තිබුණේ පසුගිය 31 වැනිදා.
අනතුරුව බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි තරුණයා ඊයේ පස්වරුවේ මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබුණා.
මේ අතර රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහය අදාළ මත්පැන් අලෙවි සැළ ඉදිරිපිටට රැගෙන විත් විරෝධතාවයේ නිරත වීමට ප්‍රදේශවාසීන් සුදානම් වන බවට තොරතුරු වාර්තාවනවා.
එය වැළැක්වීමට පොලිසීය අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට සූදානම් බවටයි දැන ගන්නට ලැබෙන්නේ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළා.