Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
11
තිලංගට එරෙහිව නීතිමය පියවර ගැනීමට අර්ජුන සැරසේ, දෙදෙනා අතර සීතල යුද්ධයක් - වීඩියෝ

- තිලංගට එරෙහිව නීතිමය පියවර ගැනීමට අර්ජුන සැරසේ, දෙදෙනා අතර සීතල යුද්ධයක් - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

‘‘අශ්වයෝ දාලා,
පවුල් විනාශ කරලා යන වත්කම්වලින්
අපේ අම්මලා තාත්තලා අපිට කන්න දුන්නේ නැ‘‘ - අර්ජුන

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රිකට් නිලවරණයේදී උපසභාපති ධුරයට තරග කළ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.  කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තිලංග සුමතිපාල මහතා අර්ජුන රණතුංග මහතාට චෝදනා කිහිපයක් එල්ල කළා.


එහිදී තිලංග සුමතිපාල දැක්වූයේ මෙවන් අදහසක්....

අර්ජුනනේ...  මැච් එක පැරදුනාම අම්පයර් හොරා කියන්න එපා කියන්න එයාට. හරිද? විකට් එක ඇදයි, මම මෙච්චර කල් කටවහගෙන හිටියා. අයියලා මල්ලිලා ඇවිල්ලා මේක විනාශ කළා. මේ මොකක්ද මේ හැසිරෙන විදිහ. අඩුම ගානේ නිශාන්ත කිව්වා අපිට උදව් කරන්නම් කියලා. ඒ ගැන මම ගොඩක් සන්තෝසයි. අර්ජුන දැනගන්න ඕනේ කොහෙද එයා ඉන්නේ කියලා.

දිස්ත්‍රික්ක විනිසුරුවන්ට බලපෑම් කළා. විශ්වවිද්‍යාලයෙන් ආපු අයව තර්ජනය කරලා ඡන්දෙ ගත්තා. එයාගේ පරාජය පිළිඅරගෙන විකට් එක ඇදයි. අම්පයර් හොරයි කියන්නේ නැතුව එයාට කියන්න පැත්තකට වෙලා ඉන්න කියලා. එයාගේ සියලුම ඉතිහාසය මම දන්නවා. එයා කවුරු කියලද හිතන්නේ. මිනිස්සුන්ට උපහාස කරන්න අපහාස කරන්න බොරු කියන්න. මම එයාට නඩු දානවා. මතක තියාගන්න එයා මට අවුරුදු දෙකක් මේ පුටුව තියෙනවා.

මම ඒක නිසා මෙතන ඉදන් එයාගේ හරි තැන ජනතාවට තේරුම් කරලා දෙනවා. කෝ එයා හදපු හොස්ටල් එක. ආණ්ඩුවෙන් දීපු ඉඩම කෝ. ලංකාවෙම ලෝකෙම හොරකම් ගැන කතා කරන මිනිහ දෙන්න ආණ්ඩුවෙන් දීපු ඉඩම කෝ කියලා.

ෆවුන්ඩේෂන් එක මිනිස්සුන්ගෙන් තොප්පි ගහලා ගිහිල්ලා සල්ලි එකතු කළා. මං ගාව තියෙනවා මිනිස්සු සල්ලි දීපු ඒවා. කෝ, සල්ලි ටික සාක්කුවේ දාගෙන ඉඩම විකුණලා. ඒක නිසා එයාට ගිහිල්ලා කියන්න මින් පස්සේවත් හොදට කල්පනා කරලා වැඩ කරන්න කියලා. ඒක මම බලාගන්නම් එයත් එක්ක. එයා කවුද කියල මම මිනිස්සුන්ටත් කියන්නම්.

එමෙන්ම අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම චෝදනාවලට පිළිතුරු දීම සඳහා  කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.  එහිදී ඔහු දැක්වූ අදහස් පහතින්....

මගේ අම්මා ගුරුවරියක්. අපේ අම්මලා අපි හයදෙනාව හැදුවේ අමාරුවෙන් හම්බකරගත්ත සල්ලිවලින්. මේ රටේ සූදු ව්‍යාපාරයෙන් ලාභ ලබාදුන් දවසේ වැඩ කරලා රෑට ගිහින් අශ්වයෝ දාලා. පවුල් විනාශ කරලා යන වත්කම්වලින් අපේ අම්මලා තාත්තලා අපිට කන්න දුන්නේ නැහැ.

මං මගේ දරුවන්ටත් එහෙම කන්න දීලා නැහැ. ඉතිං ඒ ගැන මං ආඩම්බර වෙනවා. සුමතිපාල කිව්වා මම ඉඩමක් ආණ්ඩුවෙන් අරගෙන හොස්ටල් එකක් හදන්න ඒක වික්කයි කියලා. උසාවියේදී සුමතිපාලට කියතෑකි ඒ කාරණාව ගැන.

තොප්පියක මං අත්සන් කරලා අපි සල්ලි එකතු කරලා, එකෙන් ගත්තා මහ රෝහලට එම්.ආර්.අයි.ස්කෑනර් එකක්. අද වෙනාකොටත් ඒ එම්.ආර්.අයි ස්කෑනර් එක තියෙනවා. අද වෙනකොටත් මගේ නම ඒ බිත්තියේ ගහලා තියෙනවා. තව මට චෝදනාවක් කළා වරායේ රැකියාවල් දෙනවා කියලා.

 මේ වරාය අමාත්‍යාංශය කියන්නේ ඒක ඕන ඕන විදිහට රැකියාවල් දෙන්න පුළුවන් තැනක් නෙමෙයි. එකේ රැකියාවල් දෙන්න එක ක්‍රමවේදයක් තියෙනවා. එව්වා නොදන්න සුමතිපාල මොනදේවල් කිව්වත් මම ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ. ක්‍රීඩා ඇමතිවරයාත් සාකච්ඡාවේ ඉන්නකොට තමයි මට ඇගිල්ල දික් කරලා ඒ විදිහට කතා කළේ.

ඇත්ත කියන්න ඕන මම සුමතිපාල මහත්තයාට බයක් තියෙන කෙනෙක්. පෝය දවසේ අධිකරණ විවෘත කරලා ඇප ගන්න බැරි දඩුවමකට ඇප ගත්ත පුද්ගලයෙක්. ඇප දුන්න ඒ ගරු විනිශ්චකාරතුමා අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් රැකියාවත් නැති කළා. ඒ පුද්ගලයාය අත්අඩංගුවේ ඉදලා උසාවිය ඇතුලේ වෙඩි කාලා මැරුණා.

මම දන්නේ නෑ ඔකේ ඇත්ත නැත්ත කියන එක. ඒක හන්දා මට පොඩි බයක් තියෙනවා. එතනින් ඔබ්බටත් මට හුගාක් දේවල් කතා කරන්න පුළුවන්. මං හුගාක් දේවල් උසාවියේදී කතා කරන්න අවශ්‍යයි. එයා මාව උසාවි ගෙනියන්න ඉස්සෙල්ලා මටත් එයාව උසාවි ගෙනියන්න පුළුවන්. මට කරලා තියෙන චෝදනාවලට

මෙහි සම්පූර්ණ වීඩියෝව පහතින්....

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top