Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සිරුරට බහුවිධ තුවාල වෙලාලු
බිරිඳට දේහය රැගත් රථ පෙරහැරේ යන්නත් එපැයි
අධිකරණයෙන් නියෝග

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු උඩුමහලකින් ඇද වැටී මිය ගිය තරුණයාගේ මරණයට හේතුව සිරුරට සිදුවූ බහුවිධ තුවාල බව අනාවරණ වී තිබෙනවා. ඒ, ඔහුගේ මරණය සම්බන්ධයෙන් රත්නපුර මූලික රෝහලේ  පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.   

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව තරුණයාගේ සිරුර ඔහුගේ නිවස වෙත රැගෙන ආවා. පසුගිය 4 වන දා රාත්‍රියේ මෙම ගැටුම සිදුවූ අතර, සිද්ධියෙන් මිය ගියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති එක්දරු පියෙක්.

views1,015 Views
comment

englishtrans
පැහැරගැනීම පිළිබඳව හිරුණිකා දැනුවත් බවත්
එය හිරුණිකාගේ අනුදැනුම මත සිදුකළ බවත් ඔප්පු වූ බවට වාර්තා වේ


දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන්  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව  මගින් අදාළ උපදේශය පොලිස් අපරාධ කොට්ඨාශය වෙත යොමු කර ඇති බවයි.

views594 Views
comment

ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 104 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views1,298 Views
comment
දුෂ්කර පාසල් සිසුන්ට ආධාර පිරිනමා සුරාජ් මාපා උපන්දිනය සැමරූ හැටි


Pix by Indika Prabath
views647 Views
comment
englishtrans
දුවද්දි පොලුවලින් ගගහා ඇදගෙන ගියා
කෑගහලා නංගි වැන්දලු මහත්තයෝ බිමට දාන්න එපෝ කියලා
ASP කියලා බොඩිය දාගනින් ත්‍රීවිල් එකට කියලා
පොලිසියේ පැය 2ක් මල්ලි තියාගෙන ඉඳලා

ඇඹිලිපිටියේදී පසුගියදා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙන්නේ පොලිසිය විසින් එම අවස්ථාවේ මිනිසුන්නට පහරදුන් බව කියමින්. එමෙන්ම ඉහළ මහලේ සිට බිමට තල්ලුකිරීම නිසා මියගිය බවට පැවසෙන පුද්ගලයාගේ මරණයට හේතුව මෙම පහරදීම බවටයි ගම්වාසීන් පවසා සිටියේ.

ඔවුන් ඊයේ (07) ඇඹිලිපිටිය නගරයේ කඩසාප්පු වසාදමා කළු කොඩි ඔසවමින් දැඩි විරෝධතාවයක නිරත වූණා. එමෙන්ම ටයර් පුළුස්සා පාරේ දමා තිබුණු අතර පසුව STF සෙබළුන්ද පසුව කැඳවා තිබුනේ උද්ඝෝෂණය පාලනය කිරීමටයි. කෙසේ නමුත් මෙම උද්ඝෝෂණයට පොලිසියෙන් පැමිණ සිටින දක්නට ලැබී නැහැ.

views490 Views
comment
englishtrans
‘‘ක්ලිටසෝ උඹෙයි මගෙයි දෙන්නගෙම ලග්නේ කන්‍යා,
මේ දවස්වල අපි දෙන්නට හොඳ නෑ කියලා තිබ්බා,
ඒ හින්දා වෙන්න ඇති මෙහෙම වුණේ‘‘

ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් වන සනත් ගුණතිලක සහ ක්ලීටස් මෙන්ඩිස් රිය අනතුරකට මුහුණ දී ඇති බවට හිරු ගොසිප් අපට වාර්තා වුණා. මෙම සිද්ධිය සිදුව ඇත්තේ පුංචි බොරැල්ල ප්‍රදේශයේදී වන අතර ඔවුන් වර්ෂාපතනය අධික අවස්ථාවක මීගමුව බලා යන අතරතුරදී ඔවුන් ගමන් ගත් මෝටර් රථය වැසි ජලය පිරීගිය කාණුවකට වැටී තිබෙනවා.

මෙම වාහනයේ  සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස් මෙන්ම තවත් කිහිපදෙනෙකු සිට ඇති බවටයි අපිට ආරංචි වුණේ.

views886 Views
comment
englishtrans
‘‘මම මගේ මූණ පෙන්වන්න කැමති නෑ,
එහෙම වුනොත් ආරක්ෂාවට ලොකු ප්‍රශ්නයක්..‘‘ - නිල් මැණිකේ අයිතිකරු

ලෝකයේ එතෙක් මෙතෙක් හමුවූ විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවේ මැණික්පුරය ලෙස හැඳින්වෙන රත්නපුර නගරයෙන් හමුවී තිබෙන  බවට පසුගිය කාලය පුරා තොරතුරු වාර්තා වුණා.  මැණික් විශේෂඥයෝ පවසන්නේ මෙහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ඉක්මවන අතර එහි  බර  කැරට් 1404.49ක් බවයි.

මේ විශාල නිල් මැණිකට  'ආදම් ගේ තාරකාව' යනුවෙන් නම් තබා තිබෙනු අතර එම මැණික මිලට ගත් පුද්ගලයා පවසා තිබෙන්නේ තමන් එය වෙන්දේසි කරනවාද නැතිනම් ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙසින් තබනවාද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණය කර නොමැති බවයි.

views522 Views
comment
englishtrans
‘‘පිස්තෝලයක් දික්කරලා කුණුහරුපෙන් මට බැන්නා,‘‘
නගරය පුරා කළු කොඩි, STF ආරක්ෂාවත් යොදයි,
පෙළපාලි ගියත් පොලිසිය ටවුමට ඇවිත් නෑලු

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර පොලිසිය සහ එහි සිටි පිරිස අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයාම සම්බන්ධයෙන්  ඊයේ (7) නගරය පුරා කළු කොඩි ඔසවමින් විරෝධතාවයක් පැවැත්වුණා.

මෙම සාදයට පොලිසිය පැමිණ අරක්කු ඉල්ලූ බවත් එය නොදුන් නිසා පහරදුන් බවත් නිවෙස් හිමියන් පවසන අතර පොලිසිය පවසන්නේ අන් අයට බාධාවන ලෙසින් සාදය පැවැත්වූ නිසා එම ස්ථානයට ගොස් සොයාබැලූ අතර එහිදි බීමත්ව සිටි පිරිස් පොලිසියට පහරදුන් බවයි.

views767 Views
comment
englishtrans
ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයට අයත් අවසන් ඒ 340 ගුවන් යානයේ අවසන් චාරිකාව අද නිමාවට පත්වුණා.  ඒ අනුව මදුරාසියේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත අද උදැසන 11.25 ට පැමිණි ඒ 340 යානය ගුවන් සේවය භාවිත කරන එම වර්ගයේ අවසන් යානය වනු ඇති.

ප්‍රංශයේ එයාර් බස් සමාගම මෙම ගුවන් යානා මාදිලිය තවදුරටත් නිෂ්පාදනය නොකිරීම නිසා එය වානිජ ගුවන් ගමන්වලින් ඉවත් කිරීමට පියවර ගැනුනා.

views793 Views
comment

Online Media Partner | Hiru Gossip

views741 Views
comment
englishtrans
මේ හිරු ගොසිප් ප්‍රින්ස් සොයා ගිය ගමනයි

සුදුමල් පොකුරක්,  සඳ රේණු වෑහෙනා, සීගිරියේ කුරුටු ගී, වෙරළ කොනක හිඳ,  ඔබ පෑ පෙම් සිනා ආදී ගීත සමුදායක් ගැයූ 90 දශකයේ සංගීත ක්ෂේත්‍රය බැබළවූ තරු අතර ප්‍රින්ස් උදයප්‍රියන්ත මුල් පෙළේම සිටි ගායකයෙක් බවට ඔබ හොඳින්ම දන්නා කරුණක්....

එකල යෞවනියන්ගේ සිහින කුමරා වූ ප්‍රින්ස් මේ වනවිට රෝගාතුරු වී රෝහල් ගතව සිටින බවට හිරු ගොසිප් අප ඔබවෙත තොරතුරු ගෙන ආවේ සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ නොමඳ සහය ඔහුට අවශ්‍යම අවස්ථාවකයි. නමුත් මේ වන විට ඔහු සුවඅතට හැරෙමින් පවතින බවට නොයෙකුත් වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය වාර්තා පළවෙනවා.
views1,467 Views
comment
englishtrans
ISIS ත්‍රස්තයෝ ලෝකෙටම හිසරදයක් වෙලා තියෙන්නේ. ළඟදි දවසක ලංකාවේ පිරිසකුත් ඔය විදියට ISIS ත්‍රස්තයින්ට බැඳුනා කියලා තමයි ආරංචි වුණේ. මිනිස්සු අතරේ මේ වෙනකොට IS මෙලෙච්ඡයෝ ලංකාවටත් එයි කියලා පොඩි බයක් තියෙනවා. කොහොම වුනත් ISIS ත්‍රස්තවාදීන් විසින් මෙරට තුළ පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා පිළිබඳව පූර්ණ අවධානයකින් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ මේ පිළිබඳව දැඩි විමසිල්ලකින් පසුවන බවයි.

මෑතකදී පළවූ ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හරහා හෙළිදරව්වූයේ අයි එස් ත්‍රස්තවාදීන් මෙරට ඇතැම් පුද්ගලයින් සමඟ සබඳතා පවත්වා ඇති බවටයි.

views679 Views
comment
englishtrans
ලොව බලවත්ම පුද්ගලයා වන ජනපති බැරක්‌ ඔබාමා ප්‍රසිද්ධියේ කඳුළු සලනු දැකීම දුර්ලභ සිද්ධියකි. පසුගිය අඟහරුවාදා සිය විධායක බලය පාවිච්චි කරමින් එරට ආයුධ පාලනය සඳහා නීති පැනවීම පිළිබඳව අදහස්‌ දක්‌වද්දී මේ බලවත් පුද්ගලයා හඬා වැටුණු අයුරු ලෝකයටම දැකගන්නට ලැබුණි.

ඔබාමා කඳුළු සලන පුවත එරට ප්‍රමුඛතම පුවත්පතක්‌ වන වොෂින්ටන් පෝස්‌ට්‌ පුවත්පත පවා වාර්තා කර තිබුණි.

views278 Views
comment
englishtrans
ඉඩමක් සහ එහි තිබෙන ගොඩනැගිල්ලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට කොළොන්නාවේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ගොනුකළ නඩුව මාර්තු මස 29 වනදා විභාග කෙරෙනවා.  ඒ ඊයේ  කොළඹ දිසාඅධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

රොහාන් වික්‍රම සහ රුවන් විජේසේකර යන දෙදෙනා විසින් ගොනු කළ එම නඩුවේ වගඋත්තරකරුවන් වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍රයි.

views761 Views
comment
englishtrans
තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු විනූ උදානිගේ Photoshoot එකක් ගැන මේ වෙනකොට ෆේස්බුක් එකේ පොඩි කතාවක් යනවා. ඒ විදියට හුවමාරු වෙන ඡායාරූප වල ඇයගේ ශරීරයේ පවතින තත්වය වෙනස් ආකාරයකට තමයි පළකරලා තියෙන්නේ.

ඒ කියන්නේ ෆොටෝ ටික කවුරුහරි කෙනෙක් එඩිට් කරලා. ඉතින් මේ ගැන ඇත්ත නැත්ත දන්නේ නැති අය බොරු ෆොටෝ ටික විශ්වාස කරලා විනූට බනිනවා කියලා අපිට ආරංචි වුණා. 

views2,344 Views
comment
[1]      «      5166   |   5167   |   5168      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top