Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
09
තට්ටු තුනින් පාතට දැමුවේයැයි කියූ ඇඹිලිපිටිය තරුණයාගේ මරණයට හේතුව හෙළිවෙයි - වීඩියෝ

- තට්ටු තුනින් පාතට දැමුවේයැයි කියූ ඇඹිලිපිටිය තරුණයාගේ මරණයට හේතුව හෙළිවෙයි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

සිරුරට බහුවිධ තුවාල වෙලාලු
බිරිඳට දේහය රැගත් රථ පෙරහැරේ යන්නත් එපැයි
අධිකරණයෙන් නියෝග

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු උඩුමහලකින් ඇද වැටී මිය ගිය තරුණයාගේ මරණයට හේතුව සිරුරට සිදුවූ බහුවිධ තුවාල බව අනාවරණ වී තිබෙනවා. ඒ, ඔහුගේ මරණය සම්බන්ධයෙන් රත්නපුර මූලික රෝහලේ  පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.   

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව තරුණයාගේ සිරුර ඔහුගේ නිවස වෙත රැගෙන ආවා. පසුගිය 4 වන දා රාත්‍රියේ මෙම ගැටුම සිදුවූ අතර, සිද්ධියෙන් මිය ගියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති එක්දරු පියෙක්.



මෙම තරුණයා මරණයට පත්වීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කිරීමට සූදානම්. එහි ලේකම් ආරියදාස කුරේ සදහන් කළේ ජනතාවගේ හැසිරීම සහ ජනමාධ්‍ය ඔස්සේ විකාශය වූ සිද්ධීන් මූලික කර ගනිමින් මෙම විමර්ශනය ආරම්භ කරන බවයි.

ඒ අනුව සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාගේ වාර්තාවක් ඉල්ලා ඇති බව ඔහු සදහන් කළා.  සිද්ධිය පිළිබද මානව හිමිකම් කොමිසමේ නිලධාරින් තුන් දෙනෙකු ද ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්භ කළා.

තරුණයාගේ මරණයට විරෝධය පළකරමින් නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගැණුනු ඇඹිලිපිටිය නගරයේ මේ වනවිට සාමකාමී තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ. වසා දැමුණු කඩ සාප්පු ද විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඇඹිලිපිටිය නගරයට තවමත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී ඇති බවයි පොලීසිය සදහන් කළේ.  එසේම ඇඹිලිපිටිය පොලීසියට අමතරව තවත් පොලිස් ස්ථාන 5ක පොලිස් නිලධාරීන් එහි ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.

මෙම සිද්ධිය මුල් කරගෙන ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 21 දෙනෙකුට තාවකාලික පදනම මත ස්ථාන මාරු ලබාදුන්නා.  ඒ අනුව ඔවුන් සීතාවක සහ කෑගල්ල පොලිසිවලට අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.  කෙසේ වෙතත්, මෙම තරුණයාගේ මිය යාම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශවාසීන් තවමත් චෝදනා එල්ල කරන්නේ පොලිස් නිළධාරීන්ටයි.

එමෙන්ම තරුණයාගේ බිරිඳට අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබෙනවා.  එහිදී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය තරුණයාගේ බිරිඳට නියෝග කර ඇත්තේ දේහය රැගත් රිය පෙරහර යාමෙන් වළකින ලෙසයි.  එසේම එය රැගෙන ඇඹිලිපිටිය පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ යෙදීම ද එමගින් තහනම් කර තිබෙනවා.  මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් ජනතා පෙත්සමකට අත්සන් තැබීම ද ඊයේ ආරම්භ වුණා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top