පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් අදාළ උපදේශය පොලිස් අපරාධ කොට්ඨාශය වෙත යොමු කර ඇති බවයි.
ඒ අනුව පොලීසිය කටයුතු කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා. දෙමටගොඩ රෙදිපිලි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලැබුවේ පසුගිය 21 වනදායි.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ඉන් අනතුරුවයි. එමෙන්ම සිද්ධියට සම්බන්ධ CCTV දර්ශන මෙන්ම දුරකථන සංවාද පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැහැරගත් ස්ථානයේ සිටි දැරියගේ ප්‍රකාශයෙන්ද සිද්ධියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවට තොරුතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.