කොල්ලා අහලා තියෙන්නේ අතේ තියන කෑල්ල කොටින්ගෙන්ද ගත්තේ කියලා - රාජිත
එතුමාගේ අත් වලින් ඇඳලා අත කැපිලා- බන්දුල
ඇති වෙච්ච බියක් නිසා තමයි ක්ෂණිකව එතුමා ඉවත් වෙන්නේ - විමල්
ඇඟිල්ල අල්ලලා, තව පොඩ්ඩෙන් මගේ ඇගිල්ල කැඩෙනවා - මහින්ද
ජනරැළියක් අතරතුරදී තමන් පාක්ෂිකයෙකුට පහරදීමට උත්සාහ කළ බවට පැතිරයන ප්‍රචාර අසත්‍ය බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එහිදී හිටපු ජනාධිපතිවරයා යම් අපහසුතාවකට පත්වන අයුරු දක්නට ලැබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව විවිධ ප්‍රකාශ සිදුකරනු ලබනවා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පැවති ජනරැළියකදී අදහස් පළකර සිටියා. ඒ සූරියවැව ප්‍රදේශයේදීයි.