ජනරැළියක් අතරතුරදී තමන් පාක්ෂිකයෙකුට පහරදීමට උත්සාහ කළ බවට පැතිරයන ප්‍රචාර අසත්‍ය බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එහිදී හිටපු ජනාධිපතිවරයා යම් අපහසුතාවකට පත්වන අයුරු දක්නට ලැබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව විවිධ ප්‍රකාශ සිදුකරනු ලබනවා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පැවති ජනරැළියකදී අදහස් පළකර සිටියා. ඒ සූරියවැව ප්‍රදේශයේදීයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවලදීද විවිධ අදහස් පලවුණා. එහිදී අදහස් දැක්වූ පිරිස් පහතින්....
අමාත්‍ය රාජිත සේනාරත්න
-අර අහිංසක කරන්දෙණිය කොල්ලට, ඌ අහන්නේ මොකක්ද? ඔය අතේ තියන රත්තරන් කෑල්ල කොටින්ගෙන් ගත්ත එකක් ද කියලා. ඌ කොචෝක් එකට. ඌට බොන්න දුන්නේ කවුද? මහරජාගේ එවුන්. මහ රජාගෙන් බීලා, මහ රජාගෙන්ම අහනවා අතේ තියෙන්නේ ජනාධිපතිතුමා කොටින්ගේ .. ඒ ... මේ ජොලියට, විහිළුවට ඇහුවේ. දුන්නා තෝ පරයා කියලා.
බන්දුල ගුණවර්ධන
එතුමාව වැළඳ ගන්න බොහෝ දෙනා එන අතරේ එතුමාගේ අත් වලින් ඇඳලා එයාට ගන්න කොට එතුමාගේ අත කැපිලා. වේදනාව එනකොට අත ගසලා දානවා හැර ඒ ඇදිලා යන ගොඩට යනවද? එහෙම කරන්නැහැ. මහින්ද රාජපක්ෂ කියන යුග පුරුෂයා මේ අහිංසක නිරායුද කෙනෙක්ට අත උස්සලා ගහන් නැහැ. එතුමා මානව හිතවාදී නායකයෙක්.ඒක එතරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි...
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්ණයක් මතුව ඇති බවයි.
විමල් වීරවංශ
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ ආරක්ෂාව පිළිබද බරපතල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. තමුන්නාන්සේලා දකින්න ඇති ඒ අනාරක්ෂිත ස්වරූපයේ සෙනග ගංගාව මැද්දේ ඉන්දැද්දී කොයි මිනිහට ද අනතුරක් කරන්න බැරි.. එහෙම ඇති වෙච්ච බියක් නිසා තමයි ඉතාම ක්ෂණිකව එතුමා එතනින් ඉවත් වෙන්න බලන්නේ. ආරක්ෂක අංශ එතන කලබල වෙනවා ඔබට පේන්න ඇති. එතකොට මෙහම සිද්ධියක් අරගෙන, මේ තමන්ගේ අයට පහර දෙනවා කියලා විකාර කතා කියනවා. පහර දෙනවා නෙමෙයි එතුමාට සාධාරණ බියක් තියෙනවා තමන්ගේ ආරක්ෂාව ගැන සාධාරණ බියක්. ඒ නිසා ඒක ස්වයංව ප්‍රතික්‍රියා වෙනවා.
අමාත්‍ය ජෝන් අමරතුංග
ආරක්ෂාව නැති වෙන්නේ කොහොමද. පසුගිය දවස්වල අපේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ සවිස්තරව පෙන්නුවා එතුමාට දීලා තියන ආරක්ෂාව. සෙබලුන් ගාන, පොලිස් සේවය, එතකොට විවිධ යන්ත්‍ර. ඒ හැම දෙයක්ම දීලා තියෙනවා. ඉතින් මෙහෙමනේ... තරග ගිහාම දැන් වාව ගන්න බැහැ. පහරදීමේ තත්ත්වයකට වැටිලා තියෙනවා. අපි කනගාටුවෙනවා ඒක ගැන. විශ්‍රාම වුනහම ජනාධිපතිවරයෙක් ගරුත්වයෙන් පැත්තකට වෙලා ඉන්න ඕනේ. මිනිස්සු එකක් ගැටෙන්නයි ඡන්දේ ඉල්ලන්නයි ගියාම ඇති වෙන ප්‍රශ්න ඕවා තමයි.
කෙසේ වෙතත් සිද්ධියට මුහුණදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ මෙවැන්නක්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
මගේ අතේ එල්ලුණා ආදරයට මනුස්සයෙක්. බීලද කොහෙද? හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. ඇවිල්ලා ඇඟිල්ල අල්ලලා, තව පොඩ්ඩෙන් මගේ ඇගිල්ල කැඩෙනවා. මම ඉතින් මෙහෙම කරලා තල්ලු කළා. තල්ලු කරන්නේ නැතුව දෙවියනේ මගේ ඇගිල්ල කඩා ගන්නයැ. මේ තමයි ඇත්ත කතාව. මේක මම ගැහුවාලු, මූ මහ මැරයෙක් කිය කියා ඉතින් ගහගෙන ගහගෙන යනවා. බොරුවට මඩ ගහනවා.
මෙහි වීඩියෝව පහතින්.....VIDEO