සජිත්, මහින්දානන්ද, ඩලස්, හැරිසන් ඒ අතර
මෙවර මහ මැතිවරණයේදී සිය මැතිවරණ ආසනය පරාද වූවත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු රැසක් පිළිබඳව තොරතුරු වාර්තාවනවා. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම මාතර සන්ධාන ලයිස්තුවේ ප්‍රථමයා වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවත් ඔහු සංවිධායක ධුරය දරන මාතර ආසනය පරාජයට පත්වුණා.
එක්සත් ජාතික පක්ෂයේ මාතර අකුරැස්ස සංවිධායකධුරය දරන බුද්ධික පතිරණ ආසනය පරාද වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂ ලයිස්තුවේ ප්‍රථමයා වෙමින් යළිත් වරක් තේරී පත්වුණා. සාගල රත්නායකද දෙනියාය ආසනය පරාජයට පත්වුවද ඔහුද පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.