2015 මහමැතිවරණයේදී කැපී පෙනෙන ලෙස මනාප ඡන්ද ලක්ෂයකට වඩා ලබාගත් ශ්‍රීලනිප ප්‍රබලයෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට යන බව අද ජාතික පුවත්පතක වාර්තාකර තිබෙනවා.
කෙසේ නමුත් ඔහු කවුරුන්ද යන වග පිළිබඳව මේ වන තෙක් තොරතුරු වාර්තා වී නැහැ.
මෙලෙස පක්ෂය මාරුකරන දේශපාලනඥයා සම්බන්දයෙන් බොහෝ දුරට හෙට දිනයේ දැනගන්නට හැකිවෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.
කෙසේ නමුත් මෙවර ඡන්දයෙන් සන්ධානයේ මනාප ලක්ෂයට වඩා ගත් සන්ධානයේ අයගේ නම් ලැයිස්තුව පහතින්....
ප්‍රසන්න රණතුංග 384,448
කුමාර වෙල්ගම 218,614
සුසිල් ප්‍රේමජයන්ත 174,075
ප්‍රේමලාල් ජයසේකර 154,980
නිමල් සිරිපාල ද සිල්වා 134,406
දයාසිරි ජයසේකර 133,832
ලොහාන් රත්වත්තේ 129,750
නාමල් රාජපක්ෂ 127,201
රෝහිත අබේගුණවර්ධන 127,040
මහින්දානන්ද අලූත්ගමගේ 123,393
එස්.එම්. චන්ද්‍රසේන 118,234
චන්දිම වීරක්කොඩි 114,851
ප්‍රසන්න රණවිර 112,395
රමේෂ් පතිරණ 105,434
ඩලස් අලහප්පෙරුම 105,406
දිළුම් අමුණුගම 104,469