ක්‍රීඩාවෙන් සමුගන්නා කුමාර් සංගක්කාර වෙනුවෙන් අද ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම තම කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. තරග 3කින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව, අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය ජය ගතහොත් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවනවා.
කුමාර් සංගක්කාර හෙට තරගයට එක්වන්නේ එතෙක් මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ඨතම පිතිකරුවෙකුගේ ජාත්‍යන්තර තරග දිවියේ නිමාව සනිටුහන් කරමින්. ඔහු මේ වනවිට ටෙස්ට් ඉනිම 231 කදී ලකුණු 12,350ක් ලබාගෙන තිබෙනවා. ඒ, ඉනිමකදී 57.71ක ලකුණු සාමාන්‍යයක් රඳවා ගනිමින්.
ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් 25 දෙනා අතරට හෝ ටෙස්ට් තරග 100කට වැඩි ගණනකට ක්‍රීඩා කර ඇති විශිෂ්ට ක්‍රීඩකයන් අතරට කුමාර් සංගක්කාරගේ මෙම ලකුණු සාමාන්‍යයට අභියෝග කළ හැකි එකඳු ක්‍රීඩකයෙක් හෝ ඇතුළත් වන්නේ නැහැ.
අද තරගය පැවැත්වෙන කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී මාධ්‍ය හමුවකට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් කුමාර් සංගක්කාරගේ සමුගැනීම පිළිබඳවත් අදහස් පළ කළා.
මැතිව්ස් දැක්වූ අදහස් පහතින්...
අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඔහු වෙනුවෙන් මේ තරගය ජයග්‍රහණය කිරීම. ඔහු වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ අපෙන්. හෙට තරගය ජයග්‍රහණය කළොත් අපි තරගාවලිය ජය ගන්නවා. අපි උපරිම වෙර යොදවා මේක ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා.