මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස 27 පමණ වන තරුණියක් හිටි හැටියේ කවුරුත් නොසිතූ ලෙස මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඇය මෙසේ මියගොස් ඇත්තේ රූපලාවන්‍ය කටයුත්තක් සඳහා බියුටි සැලුන් එකකට ගොස් නැවත පැමිණීමෙන් අනතුරුව බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.
ඇය විවාහ උත්සවයක් සඳහා සහභාගී වීමට මෙලෙස රූපලාවන්‍ය කටයුත්තක් සිදුකරගෙන ඇති අතර ඒ සඳහා ඇය තෝරාගෙන ඇත්තේ මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය මධ්‍යස්ථානයකුයි.
උදේ වරුවේ එයට ගොස් මේක්අප් එකක් දමාගෙන දහවල් 12 පමණ වන විට ඇය සේවා ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී හදිසියේ ඇති වූ රෝගී තත්වයක් නිසාවෙන් ඇය මහනුවර රෝහලට ඇතුලත් කර ඇත්තේ දහවල් 12.30 පමණයි.
කෙසේ නමුත් සවස 1.30ට පමණ ඇය මියගොස් තිබෙනවා. මෙම හදිසි මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර මරණයට හේතුව ලෙස සැකකරන්නේ රූපලාවන්‍ය කටයුත්තේදී එයට යොදාගත් යම් ද්‍රව්‍යයක් ඇලජික් වීම බවයි පැවසෙන්නේ.