"උණුවතුර බෝතලයට ඇය මළපහ කරලා වහලා දාලා තිබුණා..."
"ටික දවසක් යද්දි එයා මළපහ කරලා එයාම කන්න පුරුදු වුණා..."
බලා හිඳීමත්, අහිමිවීමත්, දරාගැනීම ලෙහෙසි නැත. ඒ දුක තම, නහර විනිවිද මුළු ගතම පැතිර යයි. වැඩිහිටි නිවාස යනු කඳුළු කතාන්දරයක උල්පතක් වන්නේ එබැවිනි. වැඩිහිටි නිවාසවල බොහොමයක් ඇත්තේ අහිමිවීමේ දුකයි, අත්හැරීමේ දුකයි, දරා ගැනීමට සිදු වීමේ දුකයි. ජීවිත කාලයේ දී ඉඩකඩම් රැස්කර, ගේ දොර හදා, ඒවාට බඩුමුට්ටු ගෙන, දරුවන් හදා රැකියා කර අවසානයේ ඒ සියලුදේම අත්හැර මහලු නිවාසයක කොටුවීම ප්‍රකෘති මනසකට දරා ගත හැකිද? මේවායේ සිටින වැඩි දෙනෙක් කෙටි කලෙකින් උම්මත්තකභාවයට පත් වන්නේ එබැවිනි. වැඩිහිටි නිවාසවල කොටු වූ බොහෝ අය තනි වී කෙටි කලෙකින්ම තනිව කියැවීමට පටන් ගනියි. ඉන් පසු මිනිසුන්ට කළ නොහැකි අපිරිසිදු කටයුතු හා අපිරිසිදු කිරීම් කරගෙන ඉන්නට උත්සාහ කරයි. ඒ වන විට ඔවුන් මානසික විකෘතිතාවට පත් ව හමාරය.