ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලකුණු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව පන්දුවට පහරදුන් නවසීලන්ත පිළ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 219 ක්.
එහිදී ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ලකුණු 97ක් රැස්කර ගැනීමටයි සමත් වුණේ.
අනතුරුව ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවි ලබා ගැනීමට හැකි වූයේ, ලකුණු 215ක් පමණයි.
තරඟය පැවැත්වුණේ, Dunedin හීදි.
දෙරට අතර පැවැති, පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජය ගනු ලැබුවේදී නවසීලන්ත කණ්ඩායමයි.