ලෝ ප්‍රකට බොලිවුඩ් නිළි සහ හිටපු ලෝක රූ රැජිනක වන අයිෂ්වර්යා රායි බච්චන් (Aishwarya Rai Bachchan), මෙවර 79 වැනි කාන්ස් සිනමා උළෙලට (Cannes Film Festival 2026) සති දෙකක් පුරාවටම සහභාගී නොවීම හේතුවෙන් ඇගේ රසිකයන් දැඩි කනස්සල්ලට පත්ව සිටියා.
කෙසේ වෙතත්, උළෙලේ අවසන් දින කිහිපයේදී සියලු දෙනා මවිතයට පත් කරමින් ප්‍රංශයට ළඟා වූ අයිෂ්වර්යා, වෙනදා මෙන්ම මෙවරත් කාන්ස් රතු පලසේ තමන්ගේ සුන්දරත්වය විදහා දක්වන්නට වුණා.
කෑන්ස් 2026 සිනමා උළෙලේදී සුපිරි නිළි ඓශ්වර්යා සිය විස්මයජනක නිල් පැහැති ගවුමෙන් සැරසී නැවත වරක් කාගේත් අවධානය දිනා ගැනීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, මෙවර කාන්ස් උළෙලේ ප්‍රවර්ධන වීඩියෝ පටවලින් අයිෂ්වර්යාගේ රුව ඉවත් කර ආලියා භාත් (Alia Bhatt) ඇතුළු අනෙකුත් නිළියන් ඉස්මතු කර තිබීම නිසා ඇය මෙවර උළෙලට සහභාගී නොවන බවට රූමත් කටකතා පැතිර ගියා.
වසර 23ක් පුරා අඛණ්ඩව කාන්ස් උළෙල නියෝජනය කළ ඇය මෙවර පැමිණියේ උළෙල නිමාවීමට ආසන්නතම දිනවලදීය.
