උදවු කරපු නිසා තමයි ඉඩම පවරලා දෙන්න අපි කල්පනා කළේ...
මම එක දවසයි අල්ලපු ඉඩමේ අයිතිකාර සංගක්කාර මහත්තයව දැකලා තියෙන්නේ...
රජයේ සහ පෞද්ගලික ඉඩම් අලෙවි කිරීමේදී සිදු කෙරෙන මහා පරිමාණ වංචාවන් පිළිබඳව බොහෝ දෙනකු කතාබහ නොකරන්නේ ඉඩම් නඩු මැරෙනතුරු දිග්ගැස්සෙන නිසාය. මේ නිසා ඉතා සූක්ෂ්ම ලෙස රජයේ වටිනා ඉඩම්වලට ව්‍යාජ බලපත්‍ර, ඔප්පු සකසා අලෙවි කරන කණ්ඩායම් සිටිති.
සීගිරිය අභය භූමිය මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සංචාරක ආකර්ෂණය දිනා ඇති පෙදෙස් වෙයි. සංචාරක හෝටල් ව්‍යාපාරයට මෙන්ම වගාබිම සඳහා ද මෙම ප්‍රදේශය පහසුකම් සපයන බවද ප්‍රකටය.