පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරඟ ජුනි මාසයේදී පැවැත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඔහු ට්විටර් පණිවුඩයක් තබමිනුයි මේ බව කියා සිටියේ.
එමඟින් ඔහු පෙන්වා දෙන්නේ, අදාළ තීරණය නිසා එම මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ආසියානු කුසලාන තරඟාවලියට බලපෑමක් එල්ල වන බවයි.
ජාත්‍යන්තර ක්‍රිකට් තරග අභිබවමින් ලීග් තරගවලට ප්‍රමුඛත්වය ලබාදීම නරක පූර්වාදාර්ශයක් බව ද මිකී ආතර් පවසනවා.
පාකිස්ථානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එය අතරමග අත්හිටුවීමටයි කටයුතු කළේ.
කෙසේ වෙතත් ඉන්දියාව ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සුදුසුකම් ලැබීමත් සමගම ඔවුන්ගේ ආසියානු කුසලාන තරගාවලියේ සහභාගීත්වය අවිනිශ්චිත බව ද සඳහන්.
ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ, ජුනි මස 18 වනදායි.