Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
13
“...දවසක් එයා මට කිව්වා එයාගේ හිතේ මගේ ගැන ආදරයක් තිබුණා කියලා. ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ.” - බිරිඳට බැල්ම දාපු යාළුවා මරලා මාවක් ඔයේ ඔබපු, කොමාන්ඩෝ කෝප්‍රල්-ගේ ඇඟ කිළිපොලා යන පාපොච්චාරණය, ඝාතනය ගැන බිරිඳ කියපු වෙනස්ම කතාව

- “...දවසක් එයා මට කිව්වා එයාගේ හිතේ මගේ ගැන ආදරයක් තිබුණා කියලා. ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ.” - බිරිඳට බැල්ම දාපු යාළුවා මරලා මාවක් ඔයේ ඔබපු, කොමාන්ඩෝ කෝප්‍රල්-ගේ ඇඟ කිළිපොලා යන පාපොච්චාරණය, ඝාතනය ගැන බිරිඳ කියපු වෙනස්ම කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

“වතුර අඩුවුණාට පස්සේ තමයි බයික් එකයි, මිනියයි මතු වුණේ...”
 
“සති දෙකකට විතර පස්සේ. එතකොට මිනිය දියවෙලා. කබරයො, මාළු කාලා”
 
ප්රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතාගේ අදහසට අනුව මෙම විමර්ශනය පොලිස් දෙපාර්තමේන්තුවට අලුතින් එක්වන නිලධාරීන්ට මෙන්ම මෙවන් විමර්ශනවල රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ගත හැකි අත්දැකීම් බොහෝමයකි.
 
ඉකුත් පෙබරවාරි මස 11 වැනි දින හොරණ මූලස්ථාන පොලිසියට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ ධීවරයකුගෙනි.


“මාවක් ඔයේ මිනියක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවනම්”
 
ඔහුගේ දැනුම් දීම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුම්දෙනු ලැබීමත් සමඟම ප්රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර ඇතුළු කණ්ඩායමක් වහා මාවක් ඔය බලා පිටත් කෙරිණි.
 
එතැනට යද්දී අපි දැක්කා මිනිහකුගේ ඇට සැකිල්ලක්, හිස්කබල, ඇටකටු, ඒ වගේ මෝටර් බයික් එකක්, තවත් හොඳට සෝදිසි කරද්දී අපිට පෙනුණා මේ මනුස්සයාව ඒ බයික් එකේ ලණුවලින් ගැටගහලා තියෙන බව. ඒත් මේ මනුස්සයා කවුද කියලා ඒ පැත්තේ කිසිම කෙනෙක් හඳුනාගත්තේ නැහැ. මේ පුද්ගලයා මරලා මේ බයික් එකේ ගැටගහලා මාවක් ඔයට ගෙනත් දාලා ඇති කියලා විමර්ශනයේදී සැක කෙරුණා. ඒත් මෝටර් බයික් එකේ නොම්මර ප්ලේට්වත් නැහැ.”
 
හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය. මෙම යතුරුපැදිය හා මිනිස් ඇටකටු හමුවීම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ හා හොරණ දිස්ත්රික් භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි යන මහත්වරුන් දැනුවත් කෙරුණු අතර ඔවුන්ගේ උපදෙස් මත ඉදිරි විමර්ශන ඇරැඹිණි.
 
“අපිට මුලින්ම ඕනෑ වුණෙත් මියගිය තැනැත්තා කවුද කියලා දැනගන්නයි. ඒ නිසා අපි බයික් එකේ චැසි අංකයයි, එන්ජින් අංකයයි, ආර්.එම්.වී. එකට යවලා බයික් එකේ අයිතිකාරයා කවුද කියලා බැලුවා. ඒක ගණේමුල්ලෙ පදිංචි කෙනකුගේ කියලා දැන ගත්තට පස්සේ ඒ මනුස්සයා හොයාගෙන ගිහින් ප්රශ්න කරද්දි එයා කිව්වා ඒක එයා වික්කා කියලා. ඒ ගැන හොයද්දි මේ බයික් එක ඕපන් පේපර්ස්වලින් පස්දෙනකුගේම අතින් අතට ගිහින් තියෙනවා කියලා දැනගත්තා. පස්වැනියා ඒ කියන්නේ අන්තිමයා දීලා තිබුණෙ බොරු අයිඩෙන්ටියක්. එතැනින් ආයෙත් විමර්ශන නතර වුණා.”
 
මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කීවේය. බාධා මධ්යයේ වුවද විමර්ශන දිගටම සිදුවිය.
 
අපේ පොලිසිවල තියෙනවා ඇකියුස් මොනිටරිං ඉන්වෙෂ්ටිගේෂන් කියලා සිස්ටම් එකක්. ඒ ඇප් එකට අපි අර හොර අයිඩෙන්ටි නොම්මරේ දාලා බැලුවා එහෙම එක්කෙනෙක් ඉන්නවද කියලා. ඒත් එහෙම කෙනෙක් නැති බව පෙන්නුවා. පස්සේ ඒ පුද්ගලයාගේ වාසගම වෙනස්කරලා ගැහුවා. එතකොට පුද්ගලයෙක් දැක්වුණා. එයාට නඩු තියෙනවා කියලත් පෙන්නුවා. පස්සෙ ඒ මනුස්සයාව සොයාගත්තත් ඒ මිනිහගේ මේකට සම්බන්ධයක් තිබුණෙ නැහැ.
 
පස්සේ අපි අපරාධ ලේඛනාගාරයට දැක්වුවා මේ පළාත්වල කිසියම් පුද්ගලයකු අතුරුදන් වෙලා කියලා බලන්න. ඒත් එහෙම වෙලා තිබුණෙත් නෑ. පස්සෙ සියලුම පොලිසිවලට දැන්වුවා මේ බයික් එක හඳුනාගන්න කෙනෙක් ඉන්නවද කියලා. ඊට අමතරව හැම පොලිසියකින්ම බැලුවා මේ බයික් එකට රථවාහන නඩුවක්වත් තියෙනවද කියලා. ඒත් සාර්ථක වුණේ නැහැ. ඒත් අපි විමර්ශන නතර කළෙත් නැහැ.
 
පස්සේ මම හෙව්වා හොරණ පැත්තේ රක්ෂණ සමාගම්වලින් මේ බයික් එකට කොහේහරි ඉන්ෂුවරන්ස් එකක්වත් දාලද කියලා. ඒ.ජී. ඔෆිස් එකට යැව්වා. ඒකේ මේ බයික් එකට ආදායම් බලපත්රයක් නිකුත් කරලා තියෙනවද බලන්න. එතකොට දැනගත්තා එහෙම එකක් නිකුත් කරලා තියෙනවා. ඒ ගණේමුල්ල මුල් අයිතිකරුගේ නමට කියලා. පස්සේ හොරණ රක්ෂණ සමාගමෙන් දැනගත්තා මේ බයික් එකට ඉන්ෂුවරන්ස් එකක් කොටිකාවත්ත පැත්තෙ ඉන්ෂුවරන්ස් එකකින් දාලා තියෙනවා කියලා. අපි කොටිකාවත්තට ගිහින් ඒ ඉන්ෂුවරන්ස් කාර්යාලයෙන් හොයලා බැලුවා. එතකොට අපි දැනගත්තා ඉන්ෂුවරන්ස් එකකට අයැදුම්පතක් දාලා තියෙනවා. හැබැයි ඒක දාලා තියෙන්නේ ගනේමුල්ලෙ මුල් අයිතිකාරයාගේ නමට කියලා. තවදුරටත් ඒ ඇප්ලිකේෂන් එක බලද්දි ජංගම දුරකථන අංකයකුත් තිබුණා.
 
අපි ඒ අංකය චෙක් කළා. ඒක පහුගිය ජනවාරි 31 වැනිදායින් පස්සෙ අක්රියවෙලා. කෝල් ඇවිල්ලත් නැහැ. එදායින් පස්සෙ කෝල් අරගෙනත් නැහැ. පස්සේ ඒ දුරකථන අංකයට අදාළ දුරකථන සමාගමට ගිහින් ඒ අංකයේ හිමිකරු කවුද කියලා සොයා ගත්තා.
 
එතකොට දැනගත්තා ඒ අංකය කොහිලවත්ත, කොටිකාවත්ත පදිංචි සසංක කියලා කෙනකුගේ බව. අපි ඒ ඇඩ්රස් එක හොයාගෙන ගියා. ගෙදර ඒ පුද්ගලයාගෙ බිරිය හිටියා.
 
“කවුද සසංක කියන්නේ?”
 
“මගේ මහත්තයා”
 
“මේ නොම්මරේ තියෙන බයික් එක කාගෙද?”
 
“ඒක මගේ මහත්තයාගේ. යාළුවෙකුගෙන් ඉල්ලගෙන තිබුණේ.”
 
“කෝ දැන් මහත්තයා”
 
“එයා ගිය මාසේ 31 වැනිදායින් පස්සෙ ගෙදර ආවෙ නැහැ.”
 
“ඒ කොහෙ ගිහිල්ලද?”
 
“දන්නෙ නැහැ සර්. කාගෙන්දෝ කෝල් එකක් ආවා. හරි මම දැන්ම එන්නම් කියලා හෙල්මට් එකකුත් අරගෙන ගියා. එදායින් පස්සෙ ගෙදර ආවේ නැහැ. අපි හැම තැනම හෙව්වා. අන්තිමට වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලකුත් දැම්මා.”
 
ඇගේ ප්රකාශය අනුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට යමක් වැටහිණි. මාවක් ඔයේදී සොයාගත් යතුරුපැදිය හා මිනිස් සිරුර ඇගේ ස්වාමියාගේ වන්නට ඇති බවය.
 
“හෙට උදේට හොරණ පොලිසියට ඇවිත් මාව හම්බවෙන්න.”
 
එසේ කී හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එතැනින් නික්ම ගියේ කිසියම් සහනයක් හිතේ දරාගෙනය. ඒ දැරූ එක් උත්සාහයක් හරි ගිය නිසාය.
 
පසුදාම කොටිකාවත්ත පදිංචි කාන්තාව හා ඥාතීහු හොරණ පොලිසියට පැමිණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවූහ. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මාවක් ඔයෙන් සොයාගත් යතුරුපැදිය හා එහි ගැටගසා තිබූ ඇටකටු සහිත මිනිස් සිරුර ඇයට පෙන්නුවේය.
 
“ඔව් සර්... මේ මගේ මහත්තයා තමයි. එයාගේ බයික් එක. මේ එයා දාගෙන ගිය රතු ඉණ පටිය. මේ එයාගේ කොට කලිසම. සර් මගේ මහත්තයාව මරලද?”
 
ඇය අස්වැසූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇටකටු හා බයිසිකලය හඳුනාගැනීම ගැන ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දැනුවත් කළේය. පොලිසිය ඊළඟට සූදානම් වූයේ මෙවන් කෲර ලෙස මිනිස් ඝාතනයක් සිදුකළේ කවුදැයි දැන ගැනීමටය. ඒ සඳහා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මරා දැමුණු පුද්ගලයාගේ බිරියගෙන්ද ප්රශ්න කරන්නට විය. අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති විපුල අබේසිරි හා සැරයන් ලලිත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට උපරිම ආකාරයෙන් සහාය දැක්වූහ.
 
ඒ අනුව මියගිය පුද්ගලයාගේ බිරිය මේ සැමියාට අවසන් වරට ඇමැතුම ලැබුණු වේලාව හා ඔහු නිවෙසින් පිටත්වූ වේලාව නිලධාරීන්ට කීවාය. විමර්ශන ඒ ඔස්සේ ඇරැඹුණේ ඉන් පසුවය.
 
පොලිසිය ඊළඟට කළේ අධිකරණයට කරුණු වාර්තා කිරීමය. ඒ මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනයට ආගිය ඇමැතුම් දැන ගැනීම සඳහා විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමටයි. එමඟින් අවසන් වරට මියගිය පුද්ගලයා සමඟ සම්බන්ධ වූයේ කවුදැයි අනාවරණය කරගත හැකි බව නිලධාරීහු විශ්වාස කළහ. ඒ සඳහා අධිකරණයේ අනුමැතිය හිමිවිය.
 
“පස්සේ අපි මේ මනුස්සයා ජනවාරි 31 වැනිදා ගෙදරින් පිටවෙලා යන දවසේ එයාට ආපු ඇමතුම් නිරීක්ෂණය කළා. ඒ හැම පුද්ගලයෙක්ම ගෙන්වලා ප්රශ්න කළා. ඔය අතරෙ අපිට පෙනුණා එක නොම්මරයකින් කෝල් හත අටක්ම ඇවිත් තියෙනවා කියලා. ඒ නොම්මරේ කාගෙද කියලා හොයලා බැලුවා. එයා බට්ටාගල, දඹර, මීමන පළාතේ පදිංචිකාරයෙක්. මිනිහා ආමි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්රල් කෙනෙක්. තවමත් රාජකාරියේ ඉන්නවා කියලත් දැනගත්තා.
 
එතනදී අපි තව දෙයක් සැක කළා. ඔය මරලා දාපු කෙනත් ගණේමුල්ල කොමාන්ඩෝ එකේ පුහුණුව ලැබූ සෙබළෙක්. මේ කෝල් ගත්ත කෝප්රල්වරයාත් ගණේමුල්ල කොමාන්ඩෝ ආමි එකේ. මොකක් හරි ආරවුලක් මේ දෙන්නා අතර තියෙන්න ඇති කියලා අපි සැක කළා. ඒත් මම ඒ කෝප්රල් ගෙන්නුවේ නැහැ. අපි එයාගේ බිරියව පොලිසියට ගෙනත් ප්රශ්න කළා. මේ මරාදැමුණු සසංක හඳුනනවද කියලා ඇහැව්වා.”
 
ඒ අනුව කෝප්රල්වරයාගේ බිරියගෙන් නිලධාරීන් ප්රශ්න කරන්නට වූයේය.
 
“මම සසංකව දැන හඳුනාගත්තේ අපේ දුවගේ පළමු උපන්දින පාටියේදී. 2020දී එයා අපේ ගෙදරත් කුලියට නතරවෙලා හිටියා. එයයි මගේ මහත්තයයි ආමි එකේ එක බැජ් එකේ. හොඳ යාළුවො. ඒ නිසා එයා මෙහෙ ආවා ගියා. එයාව කවුදෝ මරන්න ඉන්නවා කියලා තමයි මෙහෙ නතරවෙලා හිටියෙ. ඒ අතර දවසක් එයා මට කිව්වා එයාගේ හිතේ මගේ ගැන ආදරයක් තිබුණා කියලා. ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ.”
 
ඇය වැඩිදුරටත් නිලධාරීන් හමුවේ කීවේ සසංක ඇයට දුන් හැම ඇමැතුමක්ම කෙටි පණිවුඩයක්ම ඇය සිය සැමියාට පෙන්වූ බවය. කිසිදු අදහසට ඇය නම්මවා ගැනීමට සසංකට නොහැකි විය.
 
“මෙච්චර උදවු කරපු මට උෟ මෙහෙම කරන එක කොච්චර වැරැදිද?”
 
සැමියා ඇයට කීවේය. සැමියා මේ සම්බන්ධයෙන් සසංකට චෝදනා කළ බවත් ඇය පොලිසිය ඉදිරියේ කීවාය.
 
නිලධාරීහු ඇගේ ප්රකාශයක්ද සටහන් කර ඇය මුදා හැරියහ. ඊළඟට පොලිසිය හැරුණේ සැකකාර කෝප්රල්වරයා වෙතය. ඒ වනවිටත් ඔහු සිටියේ සක්රිය රාජකාරියේය. ඒ අනුව ඔහු කොටුකර ගැනීමට සැලසුම සකස් විය.
 
මේ අතර ඇය තමාගෙන් පොලිසිය සසංකගේ මරණය ගැන ප්රශ්න කළ බව සිය සැමියාට කීවාය.
 
“ඔයාගේ මොකක්හරි මේකට සම්බන්ධයක් තියෙනවද?”
 
“පිස්සුද? මම දන්නෙවත් නැහැ. ඔයා කියනකම්”
 
“එහෙනම් පොලිසියට ඇවිත් කියන්න. එයාලා ඔයාව සැක කරනවද කොහෙද?”
 
“හරි මම නිවාඩු හම්බවුණු ගමන් පොලිසියට ඇවිත් ඕ.අයි.සී. මහත්තයා හම්බවෙන්නම්.” ඇය සැනසුම් සුසුමක් හෙළුවාය. ඒ තම සැමියා සසංකගේ මරණයට සම්බන්ධ නැතැයි විශ්වාස කළ නිසයි.
 
එහෙත් පොලිසිය කෝප්රල්වරයා පසුපසින්ම පැන්නුවේය. පොලිසිය උත්සාහ ගත්තේ සැකකාර කෝප්රල්වරයා ගෙදරට පැමිණි පසු අල්ලා ගැනීමය.
 
“ඔය අතරෙ තමයි මට දැනගන්න ලැබුණෙ මිනිහා හෙට උදේ නිවාඩුවට ගෙදර එනවා කියලා.
 
ඒක දැනගත්තට පස්සේ මම ඩිවිෂන් මහත්තයට කියලා ටීම් එකක් අරන් ගණේමුල්ලට ගිහින් කොමාන්ඩෝ කෑම්ප් එක ළඟ බලාගෙන හිටියා. මිනිහා එළියට ඇවිත් හොරණට එන්න බස්එකේ නඟින්න ඉන්නකොට අපි ගිහින් අල්ලගෙන ‘අපි පොලිසියෙන්’ කියලා කිව්වා.
 
මිනිහව අපි වෑන් එකට දාගෙන කිව්වා “සසංකගේ මරණය ගැන අපි සේරම සොයාගෙනයි තමන්ව අත්අඩංගුවට ගන්න ආවේ. බොරු කරන්න එපා. ඇත්ත කියන්න” කියලා. පස්සේ කිසිම කලබලයක් නැතුව මිනිහා ඇත්තම කිව්වා.”
 
සැකකාර කෝප්රල්වරයා සසංකගේ ඝාතනයේ සුලමුල එකක් නෑර කිව්වෙ ඊට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා ගැනත් තොරතුරු හෙළිකරමින්ය. ඔහු ගණේමුල්ල පදිංචිකරුවකු වූ අතර කලක් ගණේමුල්ල කොමාන්ඩෝ කඳවුරේ මූලික පුහුණුව ලැබූ සෙබළෙක්ද විය. මොහුත් කෝප්රල්වරයාත් අතර ඇත්තේ දැඩි මිතුදමකි. මොහු මේ වනවිට ගණේමුල්ල ප්රදේශයේ සැලුන් එකක් පවත්වාගෙන යන අතර එම සැලුන් එකේ රාජකාරි කිරීමට උදවුකර ඇත්තේ කෝප්රල්වරයාගේ බිරියගේ පියාය. සසංක ඝාතනයට උදවු කරන ලෙස කෝප්රල්වරයා ඔහුට කතාකර ඇත්තේ ඒ නිසාය. පොලිසිය පවසන අන්දමට සසංක ඝාතනය වී ඇත්තේ මෙලෙසය.
 
සසංකත් කෝප්රල්වරයාත් හමුදාවට බැඳුණේ එකටය. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණු වූයෙත් එකටමය. ඒ නිසා ඔවුහු මිතුරෝය. කලක් ගියවිට සසංක කොමාන්ඩෝ සේවයෙන් ඉවත්ව නොයෙකුත් රැකයාවල නිරත විය. අවසානයේ ඔහු බේරා්කර් වැඩ කළේය. ඒත් කෝප්රල්වරයා හමුදාවේ රාජකාරිය අත නොහැරියේය.
 
කෝප්රල්වරයා සමඟ ඇති මිතුරුකම නිසා සසංක ඔහුගේ මීමනපලාන ගෙදරට ආ ගියේය. ඒ ගැන අවිශ්වාසයක් කෝප්රල්ගේ සිතේ නොවීය. ඒත් කෝප්රල්ගේ බිරියට සසංක ආදර යෝජනාවක් ගෙනාවේය. ඇයට ඇමැතුම්ද දුන්නේය. එහෙත් ඇය මේ එකක් නෑර සිය සැමියාට කීවාය. ප්රශ්නය ඇරැඹුණේ එතැනිනි.
 
“ඔය ප්රශ්නය කියලා කෝප්රල් සසංකට ෙදාස් කියලා තිබුණා. කෝප්රල් එයාගේ යාළුවන්ටත් ඔය ගැන කියලා තිබුණා. සසංකට අංගොඩ පැත්තේ පාතාලයකුගෙන් මරණ තර්ජන තිබුණු බව සසංක කෝප්රල්වරයාට කිව්වම එයා මෙයාට එයාගේ ගෙයක් කුලියට දීලා තිබුණා. එච්චර උදවු කරපු සසංක මෙහෙම ජරා වැඩක් කරයි කියලා සුරේෂ් තරහින් හිටියෙ. ඒ නිසා මේ දෙන්නා අතර ආරවුල් හිත් නොහොඳකම් තිබුණා.
 
ඔය අතරෙ තමයි සසංක පාතාල කෙරුමන්ගේ නම් ගම් කියලා එයාලට කියලා ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා කියලා තිබුණේ. කෝප්රල්ගේ පවුලත් ළමයිනුත් නැති කරනවා කියලත් සසංක කියලා තිබුණා. මේ නිසා කෝප්රල් බයවුණා මොකක් හරි අනතුරක් සසංකගෙන් වෙයි කියලා. ඊට කලින් එයා ඉස්සර වෙන්න ඕනෑ කියලා කෝප්රල් හිතලා තියෙනවා.”
 
මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කීවේය.
 
කෝප්රල්වරයා මේ සම්බන්ධයෙන් තම මිතුරාටද කීවේය.
 
“මූට මොනවාහරි කරන්න ඕන”
 
කෝප්රල්ගේ වචනයට මිතුරාද එක පයින් කැමැති විය.
 
දිනක් කෝප්රල් එය සැලසුම් කළේය. ඒ වෙනත් රාජකාරි වැඩකට යාපනයට ගොස් සිටියදීය. එම කාර්යය අවසන් කළ ඔහු ගණේමුල්ල සැලුන් එකක් දමාගෙන සිටි සිය මිතුරාට අමතා ඊට සූදානම් වන ලෙස කීවේය.
 
“මම ජැෆ්නා ඉඳන් එන්නේ. මම කඩුවෙලට එනවා. උඹ අපේ ගෙදරට ගිහින් මගේ බයික් එක අරගෙන කඩුවෙලට වරෙන්.”
 
කෝප්රල්ගේ උපදෙස් මත මිතුරා ගණේමුල්ලේ සිට පැමිණ මීමනපලාන” ඔහුගේ නිවෙසට ගොස් යතුරුපැදියද රැගෙන කඩුවෙලට ආවේය. මොහොතකින් කෝප්රල්වරයාද පැමිණියේය.
 
“වරෙන් බියර් එකක් බොමු”
 
බියර් බෝතල් දෙක තුනකුත් හිස් කළ කෝප්රල්වරයා සහ මිතුරා ඊළඟට සසංක ඝාතනය සැලසුම් කළහ. ඒ අනුව කෝප්රල්වරයා සසංක ඇමැතුවේය.
 
“මම ටිකක් දුර ඉන්නේ. හවස් වෙනකොට හම්බවෙමු!”
 
සසංක කෝප්රල්වරයාට කීවේය.
 
“එතකම් අපි හොරණ පැත්තට ගිහින් එමු.”
 
මිතුරා යතුරුපැදිය පැදෙව්වේය. කෝප්රල් සිටියේ පැදියේ පිටුපසය. දෙන්නාම හොරණ මාවක් ඔය දෙසට ගියහ.
 
මේ දෙන්නා මාවක් ඔය පැත්තට ගිහින් පාළු තැනක් හොයාගත්තා. එතැන රබර් ගහක් කපලා දඬු වගයකුත් තියෙන තැනක්. එහෙම තැන බලලා මෙයාලා ආයෙත් කඩුවෙලට ඇවිත් සසංකට කෝල් එකක් ගත්තා. සසංකට කෝප්රල් කිව්වා “මචං මම යාපනේ ඉඳන් එන්නේ රෑ වුණා. ගෙදර යන්න බයික් එකක් නැහැ. මාව පොඩ්ඩක් බයික් එකේ ගෙදරට ගිහින් දාපන්” කියලා. ඒකට කැමැතිවෙලා තමයි සසංක “හරි මචං මම දැන්ම එන්නම්” කියලා ගෙදරින් ගියේ. ඒ ජනවාරි 31දා.
 
“ඒ අතරේදී කෝප්රල් යාළුවට කිව්වා උඹ අරූට නොපෙනෙන්ඩ අෑතින් වරෙන්. මම උෟව පොට් එකට එක්කරගෙන යන්නම්. මම කියන වෙලාවට ලණු කැරැලි ටිකකුත් අරගෙන අපි අර බලපු තැනට වරෙන් කියලා.”
 
“යාළුවට රුපියල් පන්සීයකුත් දීලා එයාව ඇරලා සසංක කඩුවෙලට ආවට පස්සේ එයාගේ බයික් එකේම නැඟලා කෝප්රල් ගියා මීගොඩට. එතනින් බියර් ටින් 04ක් අරන් ඉටිපන්දම් දෙක තුනකුත් අරගෙන මාවක් ඔයේ අර කලින් බලපු තැනට ගියා. හතර වටේම කළුවරයි. පාළුයි. කවුරුත් නැහැ. දෙන්නා හෙල්මට් ගලවලා පැත්තක තියලා බියර් බොන්න පටන්ගත්තා.. ඒ අතරෙ තමයි කෝප්රල් එයාගේ බිරියගේ ප්රශ්නය සසංකත් එක්ක ඇද ගත්තේ!
 
ප්රශ්නෙ දුරදිග ගියා. ඒත් එක්කම කෝප්රල් එතන තිබුණු පොල්ලකින් සසංකගේ ඔළුවටම පාරක් ගැහුවා. සසංක එතනම වැටුණා. වැටුණට මිනිහා නැඟිටලා ගහයි කියන සැකයට දිගටම පොල්ලෙන් ගැහුවා. සසංක එතැනම මැරුණා. පස්සේ කෝප්රල් එයාගේ යාළුවට කෝල් එකක් දීලා මිනිහවත් ගෙන්නගෙන මුලින් බයික් එක ඇදගෙන ගිහින් ඊට මීටර් සියයක් විතර දුරින් තියෙන මාවක් ඔයට දැම්මා. පස්සේ මැරුණු සසංකගේ බොඩියේ අත්දෙකෙන් අල්ලගත්තා. යාළුවා කකුල් දෙකින් උස්සගෙන ගිහින් බයික් එක පැත්තකට පෙරළලා සසංකව බයික් එකට තියලා ගැටගැහුවා.
 
ඉන් පස්සේ කෝප්රල් එයාගේ ඇඳුම් ගලවලා වතුරේ බැහැලා බයිසිකලේ ඇදගෙන ගිහින් මාවක් ඔයේ ගැඹුරටම දැම්මා.
 
ඒ දවස්වල මාවක් ඔයේ හොඳටම වතුර. වැස්සට මාවක් ඔය පිරිල නිසා බයිසිකලේ සසංකගේ මළ මිනියත් එකක්ම යට ගියා. වතුර අඩුවුණාට පස්සේ තමයි බයික් එකයි, මිනියයි මතු වුණේ. සති දෙකකට විතර පස්සේ. එතකොට මිනිය දියවෙලා. කබරයො, මාළු කාලා.”
 
මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සසංක ඝාතනයේ සුලමුල සොයාගත් ආකාරය හෙළි කළේ එසේය. ඒ සාර්ථක විමර්ශනයකින් අනතුරුවය.
 
සැකකාර කෝප්රල්වරයාගේ ප්රකාශය අනුව ඔහුගේ ගණේමුල්ලේ මිතුරාද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. ඔහුද සසංක ඝාතනය කිරීමෙන් පසු මාවක් ඔයට දැමූ ආකාරය හෙළි කළේය. සසංකට පහරදීම සඳහා උපයෝගි කරගත් පොලු කැබලිද නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. සසංක ඝාතනයෙන් පසු ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය, අත්බෑගය, හිස්වැසුම සැකකරුවන් විසින් ඒ අවට ඇළ මාර්ගවලට විසිකර තිබිණි.
 
පසුව ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව පොලිස් කිමිඳුම්කරුවන් මාර්ගයෙන් එම භාණ්ඩ සොයා ගැනීමේ මෙහෙයුම් දියත් කෙරිණි. ඒ අනුව හොරණ, පුස්සැල හා ගොන්නාහේන ඇළත් සෝදිසියට ලක්විය. මේ අතර සසංකට අයත් බව කියන ගමන් මල්ලත් ඔහුගේ හිස් වැසුමත් ගොන්නාහේන ඇළේ තිබියදී සොයාගැනීමට හැකිවූ අතර සසංකගේ ජංගම දුරකථනය මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැත.
 
සැකකාර කොමාන්ඩෝ කෝප්රල්වරයා හා ඔහුගේ මිතුරා වූ හිටපු කොමාන්ඩෝ සෙබළා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් කළුතර දිසාව භාර නියෝජ්ය පොලිස්පති ධම්මික ප්රියන්ත, පානදුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, හොරණ දිස්ත්රික් භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි යන මහත්වරුන්ගේ උපදෙස් යටතේ හොරණ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විපුල අබේසිරි, සැරයන් ලලිත් (35477), සුබසිංහ (60604) හා කොස්තාපල් ක්රිශාන්ත (8892) හා අධිකරණ කටයුතු භාර උප පොලිස් පරීක්ෂක රංජිත් ගමගේ හා කොස්තාපල් ගීකියනගේ යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණවලට එක්වූහ.
 
කීර්ති මෙන්ඩිස්
උපුටා ගැනීම මව්බිම පුවත්පත...
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top