රටක සංකේතය වන එහි ජාතික ධජයට පූර්ණ ගෞරවය හිමිවිය යුතු බව චීනයේ ස්ථාවරය බව කොළඹ මහජන චීන තානාපති කාර්යාලය අවධාරණය කළා.
එමෙන්ම සියලු වාතාවරණයන් යටතේ චීනය, සමීප සහකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට ගෞරවයක් දක්වනු ලබනවා.
මෙරට සාමය, සශ්‍රීකත්වය සහ ගෞරවනීයත්වය උදෙසා ද්විපාර්ශවික හෝ ජාත්‍යන්තර තලයේදී චීනය ශ්‍රී ලංකාවට සහය වන බවයි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමඟින් මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ජාතික ධජය, චීන නිෂ්පාදකයෙකු විසින් පාපිස්නාවක මුද්‍රණය කොට අලෙවි කිරීම සම්බන්ධයෙන් ලක් රජය සිදුකළ විමසීමකින් අනතුරුවයි.
අදාළ නිෂ්පාදනය ඇමසෝන් වෙබ් අඩවිය හරහා අලෙවි කෙරෙනවා.
චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමටත්, අදාළ පියවර ගැනීමටත් කටයුතු කරන බවයි.
එමෙන්ම චීනයේ අලිබාබා ඊ වානිජ වෙබ් අඩවිය හරහා මෙම ශ්‍රී ලාංකික ධජය සහිත පාපිස්නාව අලෙවි නොකරන බවද තානාපති කාර්යාලය අවධාරණය කළා.