සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මේ වන විටත් වහබ් වාදය පතුරමින් සිටින්නේදැයි සැක මතුවන බව සූෆි මුස්ලිම්වරුන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ වහාබ්වාදය පැතිරවීම හේතුවෙන් තහනම් කළ යුතු බවට පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශිත කිතාබ් අට් තවුහිද් ග්‍රන්ථය සාධාරණීකරණය කිරීමට ද අබ්දුල් රාසික් කටයුතු කර ඇති බවයි.
උත්තරීතර සූෆි සභාවේ මාධ්‍ය ප්‍රකාශක ඉන්තිකාබ් සූෆර් හිරු ප්‍රවෘත්ති සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
මුහම්මද් බින් අබ්දුල් වහබ් විසින් රචිත කිතාබ් අට් - තවුහිද් ග්‍රන්ථය වහාබ් වාදය පැතිරවීම සඳහා තවුහිද් කණ්ඩායම් විසින් භාවිත කර ඇති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව එම වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ අදාළ ග්‍රන්ථය තහනම් කළ යුතු බවටයි.