Janhvi Kapoor සහ Ishaan Khatter අතර වසරකට වැඩි කාලයක් තිස්සේ පැවැති පෙම් සබඳතාව එම කාල වකවානුවේදී නිරන්තරයෙන්ම පුවත් මවන කාරණාවක් බවට පත් වුවත් 2020 ජනවාරි මාසයේදී විවිධ හේතු කාරණාවන් මත සබඳතාව බිද වැටුණා.
එතැන් සිට මේ දක්වා දෙදෙනා අතර කිසිදු අකාරයක කතා බහක් නොතිබුණු අතර මෑතකදී Ishaan Khatter Ananya Panday සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගියදා Janhvi Kapoor ගේ 24 වැනි උපන් දිනය යෙදී තිබුණ අතර විශාල පිරිසක් ඇයට සුබ පැතුම් එක් කර තිබුණා. Ishaan සහ Ananya ඇයට සුබ පතා නොතිබුණු අතර එදිනට උපන් දිනය යෙදී තිබුණු Rohan Shreshtha හට සුබ පැතුම් එක් කර තිබුණා.
මේ සම්බන්ධව ප්‍රේක්ෂකයන් විවිධ දේවල් විමසා තිබුණා. ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබීම ප්‍රේක්ෂකයන් අතර කතා බහක් ඇති කිරීමට සමත් වුණා.