සීනි බදු අඩු කිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව ජනතාවට සහන සැලසීම සඳහා ගත් තීරණයක් බවත්, ඒ නිසා මේ කියන ආකාරයේ රු.බිලියන 16ක (කෝටි 1600ක)
පාඩුවක් රජයට සිදුව නැති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (12දා) මුදල් අමාතා්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මුදල් අමාතාංශය විසින් රාජ්‍ය මුදල් කොමිසමට එම කොමිසමේ ඉල්ලීම මත වාර්තාවක් ලබා දුන්නත් එය රජයට ආදායම් අහිමි වීමක් හෝ පාඩුවක් ලෙස මුදල් අමාත්‍යාංශය පිළිගන්නේ නැති බව ද ආටිගල මහතා කීවේය.
මහජනතාවට සහන සැලසීම සඳහා බදු අඩු කිරීමට රජය සම්පූර්ණ අයිතිය තිබෙන බව ද ශත 25 දක්වා එම අඩු කළ බද්ද තවමත් රජය විසින් වෙනස් කර නැති බව ද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.
අද වනවිට සීනි ගෙන්වීමේ වියදම ඉහළ ගොස් ඇති බව ද මේ බදු අඩු නොකළා නම් අද සීනි කිලෝවක් වෙළෙඳපොළේ රු.175ක් දක්වා ඉහළ යෑමට ඉඩ තිබුණු බව ද එහෙත් මේ වනවිට වෙළෙඳපොළේ සීනි කිිලෝවක මිල රු.115ක් බව ද ආටිගල මහතා කියා සිටියේය. ඒ නිසා මේ සීනි බදු අඩු කිරීම නිසා රජයට පාඩුවක් සිදුව නැති බව ද රජය එය නොපිළිගන්නා බව ද ආටිගල මහතා කීවේය.
මෙසේ ජනතාවට සහන සැලසීම සඳහා කිසියම් භාණ්ඩයක බදු අඩු කළ විට එය රජයට සිදු වූ පාඩුවක් ලෙස අර්ථකථනය කරනවා නම් රජයකට කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් බදු අඩු කිරීමේ තීරණයක් ගත නොහැකි බව ද ආටිගල මහතා කීවේය.
ඔහු මෙසේ ද පැවසීය.
රු.50ට පැවති සීනි ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ට අඩු කළ විට සීනි කිලෝවකට රු.49.75ක් බදු ආදායම නොලැබෙන බව නිසා සත්‍යයක් වුවත් එය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව රජය ගත් තීරණයක්. රජය විවිධ අවස්ථාවල බදු අඩු වැඩි කිරීම් සිදු කරනවා. සීනි බදු අඩු කරන අවස්ථාවේ තවත් භාණ්ඩ කීපයකම බදු අඩු කළා. ඒ බදු අඩු කිරීම් ආදායම් අහිමි වීමක් හෝ පාඩුවක් ලෙස මුදල් අමාත්‍යාංශය පිළිගන්නේ නෑ. සීනි වෙළෙඳපොළේ සිටින ප්‍රධාන ව්‍යාපාරිකයන් පස් දෙනෙක් තමයි සීනි ගේන්නේ. ඔවුන් ආනයනය කරන ප්‍රමාණයන් ඔවුන්ගේ තීරණයක්.