කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇතිවූ අවස්ථා කිහිපයක් මෙරටින් වාර්තාවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එන්නත ලබා ගැනීමෙන් පසුව ඇති වන එවැනි සංකූලතා පිලිබදව සෞඛ්‍ය බලධාරීන් සිය අවධානය යොමු කළ යුතු බවයි.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයින්ගේ සංගමය ප්‍රකාශ කලේ රුධිරය කැටි ගැසීම කොරෝනා රෝගයට ආවේණික ලක්ෂණයක් බැවින් එය කොරෝනා එන්නත නිසා සිදුවූවක් ලෙස විද්‍යාත්මකව විග්‍රහ කළ නොහැකි බවයි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමක් සිදුවන්නේ යැයි සාක්ෂි නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, සති 2 කට පෙර සියලු තොරතුරු සමග පූර්ණ අනුමැතියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබාගත යුතුයි.
කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් ගෘහස්ථ නිරෝධායනයට ලක්වීම ප්‍රමාණවත් බවයි අදාළ මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.
දිවයිනට පැමිණීමට පෙර පැය 96ක කාලයක් තුළ අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු විය යුතු අතර, මෙරටට පැමිණ, පැය 48 ක් තුළ කොරෝනා පරීක්ෂණයකට ලක්විය යුතුයි.
එමෙන්ම දින 5 ත් 7 ත් ඇතුළත තවත් කොරෝනා පරීක්ෂාවකට ලක් කෙරෙන ඔවුන් ආසාදිතයෙකු නොවන බව තහවුරු විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.
මේ අතර, ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 314 දෙනෙකු හඳුනාගත්තා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 87,600ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඊයේ හඳුනාගත් රෝගීන් අතර විදේශයන් හි සිට පැමිණි 33 දෙනෙකුද වනවා.
කොරෝනා ආසාදිතව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ 48 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 526 ක්.