Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
14
‘‘මම කාටවත් පෙන්වන්න නෙවෙයි ඉල්ලූවේ.. ඔයාව මතක් වෙන්න ළඟ තියා ගන්න...’’ - සූම් යන්න ගත්ත දුරකථනයෙන් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප අරන් කප්පම් ගත් සිසුවා

- ‘‘මම කාටවත් පෙන්වන්න නෙවෙයි ඉල්ලූවේ.. ඔයාව මතක් වෙන්න ළඟ තියා ගන්න...’’ - සූම් යන්න ගත්ත දුරකථනයෙන් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප අරන් කප්පම් ගත් සිසුවාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

ඒක කියන කැත, ලැජ්ජ නැද්ද ඔය වගේ කතා කියන්න...
 
මගේ ජීවිතේ පණ ඔයා විතරයි...
 
කොළඹ පදිංචි නර්මදා පාසල් සිසුවියකි. ඇය අධ්‍යාපනය හැදෑරුවේ එම නගරයේම ප්‍රසිද්ධ බාලිකා විදුහලකයි. ලබන වසරේ ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටියාය.
 
නර්මදාගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙකි. එමනිසා ඇය කුඩා කල සිටම ගත කළේ සුඛෝපභෝගී ජීවිතයකි. පවුලේ එකම ගැහැනු දරුවා ඇය නිසා දෙමාපියන් ඇයව රැකබලා ගත්තේ තම ඇස්දෙක මෙන්ය. එම නිසා ඇයට සමහර යෙහෙළියන් මෙන් නිදහස් ජීවිතයක් ගත කිරීමට නොහැකි වූවාය.


ෂෙරින් නර්මදාගේ හොඳම යෙහෙළියයි. දෙදෙනාම අධ්‍යාපනය හැදෑරුවේ එකම බාලිකා පාසලේ එකම පංතියේ එකම පේළියේය. මෙම මිත්‍රත්වය මත ඔවුන් දෙදෙනාගේ දෙමාපියන්ද දැන හැඳිනගෙන ඇසුරු කළහ. එමනිසා ෂෙරින්ට නර්මදාගේ නිවසටත්, නර්මදාට ෂෙරින්ගේ නිවසටත් යෑමට ඒමට අවසර හිමිව තිබිණි.
 
දිනක් ෂෙරින් සහ නර්මදා මෙලෙස කතා බස් කළාය.
 
‘‘නර්මදා මම ඔයාට දෙයක් කියන්න හිටියේ.’‘
 
‘‘ඒ මොකක්ද ෂෙරින්’’
 
‘‘ඔයා දන්නවනේ මට දැන් කොල්ලෙක් ඉන්නවා කියලා.’’
 
‘‘ඔව් ඒක ඔයා මටනේ මුලින්ම කිව්වේ.’’
 
‘‘ඒක තමයි. මට කොල්ලෙක් ඉන්න එකේ ඔයාටත් කොල්ලෙක් හොයා ගමු.’’
 
‘‘අනේ මට බයයි. දන්නවනේ අපේ ඩැඞීලාගේ හැටි. මට විසුමක් වෙන එකක් නැහැ ඕවා කරන්න ගිහිල්ලා.’’
 
‘‘කවුද ඩැඞීලට ඕව කියන්නේ. බලපං අපේ පංතියේ හැම කෙල්ලෙකුටම වාගේ කොල්ලෙක් ඉන්නවා. උන් කොල්ලොත් එක්ක ගිහින් ගන්න ෆන් බලපං. අපිත් එහෙම ඉමු. නැත්තං වයසට ගිහින් ඕවා කරන්නද?’’
 
‘‘ඒක නම් ඇත්ත. මමත් ආසයි කොල්ලෙක් එක්ක යාළු වෙන්න. ඒත් හිතට දැනෙන කොල්ලෙක් නැහැනේ.’’
 
‘‘හිටපං මං හොඳ කොල්ලෙක් හොයලා දෙන්නම්.’’
 
‘‘ඒ කොහොමද ’’
 
‘‘ඇයි බං ෆේස් බුක් තියෙන්නේ ඒකටනේ.’’ අපි ඒකෙන් උඹට මැච් වෙන කොල්ලෙක් හොයා ගමු.’’
 
‘‘අනේ මන්දා උඹට නම් පිස්සු’’
 
‘‘පිස්සු නෙමෙයි. ඒක තමයි ඇත්ත. අපි ජීවිතය විඳින්න ඕන බං.’’
 
‘‘හරි හරි දැන් එහෙනම් මට කොල්ලෙක් හොයා ගමු. ජීවිතය විඳින්න.’’
 
‘‘හිටපං මගේ එෆ්. බී. එකේ කොල්ලෝ වගයක් ඉන්නවා සර්ච් කරලා බලමු.’’
 
මේ අනුව දෙදෙනා පැය ගණනක් ෂෙරින්ගේ මුහුණු පොතේ සිටිනා තරුණයන් ගැන සොයා බැලූහ. අවසානයේ නර්මදාගේ සිත නැවතුනේ දුමිදු නමැති තරුණයකු ළඟය. ඉන්පසු දෙදෙනා ඔහු ගැන විස්තර සොයා බැලූහ. ඒ ඔහුගේ මුහුණු පොත හරහා ය.
 
දුමිදු ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරන සිසුවෙකි. වයස අවුරුදු 15 කි. තරමක් උස මහත ලස්සන පාසල් සිසුවෙකි. පදිංචියද ගම්පහ ප්‍රදේශයේය. ඒ ඔහුගේ මුහුණු පොත හරහා නර්මදා සහ ෂෙරින් සොයාගත් තොරතුරුය.
 
‘‘මොකද කියන්නේ ඒ කොල්ලා හොඳද?’’
 
‘‘පේන්නනම් වරදක් නැහැ. මගේ හිත ගියා ඒ කොල්ලට. ඒත් කෙල්ලෙක් ඉන්නවද දන්නේ නැහැනේ.’’
 
‘‘අපි හොයලා බලමු. දැන් මේ කොල්ලව උඹගේ එකවුන්ට් එකට ඇඞ්කර ගනින්.’’
 
‘‘හරි හරි මම යවන්නම් ‘ෆෙන්ඞ් රික්වෙස්ට්’ එකක්.
 
ෂෙරින්ගේ කීමට අනුව නර්මදා දුමිදුට තමාගේ මුහුණු පොතේ මිතුරකු වන ලෙස ඉල්ලීමක් කළාය.
 
දින දෙකකට පසු දුමිදු එම ඉල්ලීම පිළිගත්තේය. ඒ අනුව නර්මදා ඔහුගේ මුහුණු පොතේ යෙහෙළියක් බවට පත්කර ගත්තේය. එලෙස දින කිිහිපයක් ගත විය. ඉන් පසු දෙදෙනා අතර තොරතුරු හුවමාරු කර ගන්නට පටන් ගත්හ. සතියක් ඇතුළත දෙදෙනා තමන්ගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කර ගත්හ. නර්මදා තමන්ට විශේෂ උනන්දුවක් දක්වන බව ඔහුට දැනුණි. එම නිසා ඇයට ආදරය කළ යුතු යැයි දුමිදු තීරණය කළේය. ඒ අනුව දිනක් ඔහු මුහුණු පොත හරහා ඇයට කෙටි පණිවිඩයක් යැව්වේය. ඒ මෙලෙසින් ය.
 
‘‘නර්මා මම ඔයාට ආදරෙයි.’’ එය දුටු විගස ඇය ෂෙරින්ට දුරකථන ඇමතුමක් ගෙන ඒ පිළිබඳව පැවසුවාය. ‘‘මන්ද පමා’’ උඹත් කියපන් ආදරෙයි කියලා.’’ ඇය නර්මදාට එලෙස පැවසුවාය. ඒ අනුව දෙදෙනා ආදරය කරන්නට පටන් ගත්හ. ඒ මුහුණුපොත හරහාය.
 
දෙදෙනා රාත්‍රි කාලයේ පැය ගණන් අන්තර්ජාලය හරහා ආදරය කළහ. නිවැසියන් නිදාගත් පසු ඔවුහු වීඩියෝ ඇමතුම් පවා ගැනීමට පුරුදු වී සිටියහ.
 
දුමිදු නර්මදාගේ පවුල පිළිබඳ සියලූ විස්තර ඇයගෙන් විමසුවේය. ඒ අනුව ඇය කෝටිපති පවුලක එකම දියණිය බව දැන ගත්තේය. දිනක් දෙදෙනා වීඩියෝ ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ දුමිදු ඇයට මෙලෙස පැවසුවේය.
 
‘‘බබා මට පොඩි දෙයක් ඕනෑ ඔයාගේ’’
 
‘‘මොකදද බබා. දැන් මගේ හැම දෙයක්ම ඔයාගෙනේ’’
 
‘‘ඒක මම දන්නවා. ඒත් ඔයා මගේ ළඟ නැහැනේ.’’
 
‘‘ඉන්න මම ඉක්මනටම එන්නම් ඔයා ළඟට. තව ටික දවසක් ඉවසන්න.’’
 
‘‘මට තවත් ඉවසන්න බැහැ. හැම තිස්සෙම ඔයාව මතක් වෙනවා.’’
 
‘‘හරි බබා මටත් එහෙම තමයි. මට දැන්ම ගෙදරින් පැන ගන්න බැහැනේ. ඉන්න මම ළඟදීම දවසක එන්නම් ඔයා ළඟට දවසම ළඟ ඉන්න.’’
 
‘‘ඒ එනකම් මට ඔයා පොඩි දෙයක් කරන්න ඕනෑ’’
 
‘‘ඒ මොකද්ද බබා’’
 
‘‘මට ඔයාගේ පින්තූර ටිකක් එවන්නකො’’
 
‘‘ඉතින් එවලා තියෙන්නේ මගේ පිංතූර ගොඩක්ම.’’
 
‘‘ඒ වගේ පිංතූර නොවෙයි බබා’’
 
‘‘එහෙනම් මොන වගේ ඒවද ’’
 
‘‘මට ඔයාගේ නිරුවත් පින්තූර ටිකක් එවන්න බබා’’
 
‘‘ඔයාට පිස්සුද. මට ඒක නම් කරන්න බැහැ.’’
 
‘‘ඒ කියන්නේ ඔයාට මාව විශ්වාස නැහැ.’’
 
‘‘විශ්වාස නැතිව නොවෙයි. මට ඒක කරන්න බැහැ.’’
 
‘‘ඇයි බබා බය වෙන්නේ.’’ මම කාටවත් පෙන්වන්න නෙවෙයි ඉල්ලූවේ. ඔයාව මතක් වෙන්න ළඟ තියා ගන්න.’’
 
‘‘ඇයි ඒ වගේ පිංතූර ළඟ තියාගන්නේ.’’
 
‘‘ඔයා දැන් මගේ. වෙන කෙනෙක් ගැන මම හිතන්නේ නැහැ. මට ඒ වගේ පිංතූර ටිකක් ළඟ තියාගන්න ඕනෑ. ඔයාව මතක් කර ගන්න.’’
 
‘‘අනේ බබා වෙන ඕන දෙයක් ඉල්ලන්න. මම දෙන්නම්.’‘
 
‘‘වෙන මොකුත් එපා. මාව විශ්වාස කරන්න. ඒවා දකින්නේ මම විතරයි.’’
 
‘‘අනේ මන්දා මට බැහැ ඒ වගේ පිංතූර
 
ගන්න. මම අරගෙනත් නැහැ.’’
 
‘‘බයවෙන්න එපා බබා. දැන් ගන්න. ඔය ඇඳුම ගලවලා.’’
 
‘‘ඒක කියන කැත. ලැජ්ජ නැද්ද ඔය වගේ කතා කියන්න. ඔයා වනචරයි.’’
 
ලැජ්ජ වෙන්නෙ මොකටද මම. ඔයා මගේ කෙල්ලනේ. මම වනචර ඔයාට විතරයි. මැට්ටියේ.’’
 
‘‘ඔහොම තමයි කොල්ලො කියන්නේ.’’
 
‘‘අනේ යන්න බබා. මගේ ජීවිතේ පණ ඔයා විතරයි. ඒක මතක තියා ගන්න.’’
 
‘‘ඔව් ඒක මම දන්නවා.’’
 
‘‘එහෙනම් මගේ හොඳ කෙල්ලනේ. දැන් මට අර පිංතූර ටික අරගෙන එවන්න.’’
 
‘‘හැබැයි ඔයා දිවුරන්න ඕනෑ කාටවත් පෙන්වන්නේ නැහැ කියලා.’’
 
‘‘හරි බබා ඔයා කියන ඕන විදිහකට මම දිවුරන්නම්.’’
 
දුමිදුගේ ඉල්ලීමට අනුව අකමැත්තෙන් වුවද ඇය තමාගේම නිරුවත් පිංතූර ගැනීමට කැමැති වූවාය. ඒ අනුව ඇය තමන් ඇඳ සිටි ඇඳුම් උනා දමා විවිධ ඉරියව්වලින් නිරුවත් පිංතූර කිහිපයක් ගෙන දුමිදුගේ ජංගම දුරකථනයට යැව්වාය.
 
එලෙස නිරුවත් පිංතූර යවා සතියක් පමණ ගත විය. දිනක් රවිඳු ඇයට මෙලෙස පැවසුවේය.
 
‘‘බබා මට තව පොඩි උදව්වක් කරන්නකෝ’’
 
‘‘මොකද්ද?’’
 
‘‘මට ඔයාගේ ඩැඞීගේ ක්‍රෙඩිට් කාඞ් එකේ පින්තුරයක් එවන්නකෝ.’’
 
‘‘ඔයාට පිස්සුද? මොනවා කියනවද ඔයා.’’
 
‘‘පිස්සු නොවෙයි. මම ඇත්තට කීවේ.’’
 
‘‘ඒක නම් මට කරන්න බැහැ. ඩැඞීගේ බැංකු කාඞ් මම කවදාවත් අරගෙන නැහැ. ඔයාට මොකටද ඒවා.’’
 
‘‘ඔයාට ඒකෙන් වැඩක් නැහැනේ. මට සල්ලි හොරකම් කරන්න නෙවෙයි ඉල්ලන්නේ.?’’
 
‘‘තරහ වෙන්න එපා. ඒක නම් මට කරන්න බැහැ.’’
 
‘‘ඇයි බැහැ කියන්නේ. මට ආදරේ නම් ඔයා ඒක කරන්න’’
 
‘‘ඔයාට ආදරෙයි. ඒත් මට බැහැ ඩැඞීගේ බැංකු කාඞ්නම් ගන්න. ආයි කියන්නත් එපා. මට ඒ ගැන.’’
 
‘‘බැහැ කියලා හරියන්නේ නැහැ. මට ඔයාගේ ඩැඞීගේ ක්‍රෙඩිට් කාඞ් එකක පිංතූරයක් ගහලා එවන්න. එච්චරයි.’’
 
‘‘මම දැන් කී පාරක් කීවද?. මට බැහැ ඒක කරන්න. මම ෆෝන් එක තිබ්බා.’’
 
‘‘ෆෝන් එක තියන්න එපා. ඔයා මට ඒක නොකළොත් මම ඔයාගේ නිරුවත් පිංතූර සියල්ල අන්තර්ජාලයට දානවා. මම නරක මිනිහ කියන්න එපා එතකොට.’’
 
‘‘ඔයා ඔය ඇත්තමද කියන්නේ.’’
 
‘‘ඔව් මම ඇත්තම තමයි කියන්නේ.’’
 
‘‘මම ඒ පිංතූර එව්වේ ඔයාව විශ්වාස කරලා. ඔයාට තියෙන ආදරේට. බලූ වැඩ කරන්න එපා.’’
 
‘‘මම ඒක නවත්වනවා මම කිව්ව දෙය ඔයා කළොත්. නැත්නම් මම අනිවාර්යෙන්ම ඔයාගේ නිරුවත් පිංතූර ටික අන්තර්ජාලයට දානවා.’’
 
‘‘අනේ ප්ලීස් ඒ දේ නම් කරන්න එපා.’’
 
‘‘එහෙනම් මගේ වැඬේ කරන්න එච්චරයි.’’
 
තම පෙම්වතා කියූ දෙයින් නර්මදා දැඩි භීතියටත් කම්පාවටත් පත්වූවාය. කරන්නේ කුමක්ද කියා ඇයට එක්වරම සිතා ගැනීමට නොහැකි වූවාය. දුමිදු තම නිරුවත් පින්තූර අන්තර්ජාලයට දැමුවහොත් ජීවත් වනවාට වඩා ජීවිතය නැතිකර ගන්න එක හොඳයි. ඇය එලෙස සිතුවාය. එදින ඇය නිදි වර්ජිතව කල්පනා කළාය. ඒ තමා මුහුණ දී ඇති ප්‍රශ්නයට කුමක් කරන්නේද කියා ය. දෙමාපියන්ට කියනවා. ෂෙරින්ට කියනවා, පොලිසියට කියනවා. පංතිභාර ගුරුතුමියට කියනවා ආදී නොයෙක් දෑ ගැන ඇය කල්පනා කළාය. එහෙත් අවසානයේ ඒ කිසිවකටත් ඇය කැමති නොවී ඇය මෙලෙස තීරණය කළාය. මේ දේ කාටවත් කියන්න බැහැ. කමක් නැහැ ඩැඞීගේ ක්‍රෙඩිට් කාඞ් එකක පිංතූරයක් දුමිදුට යවනවා. එතකොට ප්‍රශ්නය ඉවරයිනේ.’’
 
පසුදින උදා විය. එදින නිවාඩු දිනයකි. ඇයගේ පියාද නිවසේ සිටියේය. ඇය සිය පියාට හොරෙන් මුදල් පසුම්බිය රැගෙන ක්‍රෙඩිට් කාඞ් එකක පිංතූරයක් ගත්තාය. එලෙස රැගෙන දුමිදුගේ ජංගම දුරකථනයට එය යැව්වාය.
 
නර්මදා සිතුවේ එතැනින් ප්‍රශ්නය අවසන් වූ බවයි. එම නිසා ඇය පෙර පරිදි වැඩ කටයුතු කරගෙන සිටියාය. එලෙස සති දෙකක් පමණ ගතවිය.
 
නර්මදාගේ පියා පසුගිය සතියේ දිනෙක බැංකුවට ගියේය. ඒ තම ගිණුම් පරීක්‍ෂා කර ගැනීම සඳහා ය. එහිදී ඔහුට දැන ගන්නට ලැබුනේ එක් ගිණුමකින් දිනපතා රුපියල් දසදහසක් පමණ අඩුවන බවයි. එලෙස රුපියල් දසදහස ගානේ දින එකොළහක් එම ගිණුමෙන් මුදල් අඩු වී තිබිණි. ඔහුට එය මහත් ප්‍රහේළිකාවක් විය. කිසි දිනෙක ඔහු එම ගිණුමෙන් එලෙස මුදල් ලබාගෙන තිබුණේ නැත. වහාම ඔහු ඒ පිළිබඳව බැංකු නිලධාරියකුගෙන් විමසුවේය. එහිදී එම බැංකු නිලධාරියා පැවසුවේ එක්තරා සැටලයිට් රූපවාහිනි නාළිකාවකට එම මුදල් බැර වී ඇති බවයි. ඔහු පුදුමයෙන් පුදුමයට පත් විය. කිසිදිනෙක තමා එවැනි නාලිකාවකට මුදල් බැර කර නොමැති බව එම බැංකු නිලධාරියාට පැවසුවේය. එවිට එම නිලධාරියා පැවසුවේ වහාම මේ පිළිබඳව එම සැටලයිට් නාලිකාවෙන් විමසා බලන ලෙසයි.
 
අදාළ නාලිකාවට ගොස් ඔහු ඒ පිළිබඳව විමසීමේදී පැවසුවේ තම නාලිකාව ප්‍රයෝජනයට ගනිමින් කරන ක්‍රීඩාවක් සම්බන්ධයෙන් දිනකට රුපියල් දස දහසක මුදලක් ඔහුගේ ගිණුමෙන් ලැබෙන බවයි.’’
 
එම ව්‍යාපාරිකයා මේ පිළිබඳව සොයන්නට පටන් ගත්හ. ඒ අනුව ඔහුගේ සැකය එල්ල වුණේ තම දියණිය වෙතය. ඇය නොමැති අවස්ථාවක එම ව්‍යාපාරිකයා තම දියණියගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කර බැලූවේය. එහිදී ඔහුට යම් තරුණයකුට යැවූ චැට් කිරීම් සහ පිංතූර සියල්ල බලා ගැනීමට හැකි විය. ඉන්පසු ඔහු මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් දැමුවේය. පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ එම පොලිස් නිලධාරීහු පළමුව කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණියගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළහ. එහිදී ඇය තම පෙම්වතා ගැන සියලූ තොරතුරු එම නිලධාරීන්ට පැවසුවාය. එම තොරතුරුවලට අනුව අදාළ සැකකාර පෙම්වතාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළහ.
 
එම ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ එම පාසල් සිසුවා තදින් ෆේස් බුක් හරහා නොයෙක් ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති අයෙකු බවයි. එලෙසම ඔහු ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය හැදෑරූ අයකු නොවන බවත් අනාවරණය විය. ඒ අනුව හෙළිවූයේ ඔහු දුර පළාතක පිරිවෙණක අධ්‍යාපනය හදාරන සිසුවකු බවයි. එම සැකකාර සිසුවාගේ පියා එම පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ මෙවැනි දෙයකි.
 
‘‘තමා ඉතාමත් දුප්පත් අයකු බවත්, පුතාට ණය වී ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීම සඳහා ජංගම දුරකථනයක් රැගෙන දුන් බවත් ය. මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදෙයක් තමා නොදන්නා බවත් ය.’’
 
සැකකාර පහළොස් හැවිරිදි සිසුවා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම සිසුවාව පරිවාස භාරයට යොමු කරන ලෙසයි. එලෙසම එම පාසල් සිසුවියව මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසට ද නියෝග කළේය.
 
සැකකාර පාසල් සිසුවා කෝටිපති ව්‍යාපාරිකයාගේ
 
ගිණුමෙන් මුදල් අදාළ නාලිකාව වෙත යොමු කළ ක්‍රමය මෙම ලිපිය ලියන මොහොත වන විටත් නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකි වී තිබිණි.
 
දෙමවුපියනි, අන්තර්ජාලය භාවිත කරන තම දුව පුතා ගැන දැඩිව විමසිලිමත් වන්න. එසේ නොවුණොත් ඔබගේ දරුවාට ද මෙවැනි කරදරවලට මුහුණදීමට සිදුවේ.
 
දිවයින
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top