Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
13
“වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට සාධාරණයක් ඉටුකරන්න අපහසුයි - මං කරන කැපකිරීම්වලට ඔහුගෙන් ලැබෙන දිරිය මහමෙරක් තරම්...” - උදාරි වර්ණකුලසූරිය - Photos

- “වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට සාධාරණයක් ඉටුකරන්න අපහසුයි - මං කරන කැපකිරීම්වලට ඔහුගෙන් ලැබෙන දිරිය මහමෙරක් තරම්...” - උදාරි වර්ණකුලසූරිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

“..ඔහුගේ වෘත්තීයමය ජීවිතයේ ජයග්‍රහණ මට අගය කරන්න තේරෙන්නේ නැහැ.”

“මගේ රංගන කටයුතු ඔහු හරි ආදරෙන් අගය කරනවා.”

“උදාරි වර්ණකුලසූරිය”.. ඒ නම ඇසූ සැණින් ඇයව ඔබ දැන අඳුනනවා. පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්, ඇය ගැනයි මේ කතාව....


කොහොමද මේ දවස්වල ජීවිතේ?
සුනිල් ආරියරත්න මහත්මයාගේ ක්‍ෂීර සාගරය කැලඹුණි චිත්‍රපටයේ වැඩකටයුතු මේ දවස්වල රූපගත කිරීම් සිදුකරනවා. ඒ වගේම ටෙලි නාට්‍යකත් මේ දවස්වල වැඩ කරනවා. මීට අමතරව ජැක්සන් ඇන්තනීගේ “සොකරි”, ජයන්ත චන්ද්‍රසිරිගේ “මිදුණු විශ්වය”, සරත්වීරසේකරගේ “ශ්‍රී සිද්ධා”, සංජීව පුෂ්පකුමාරගේ “ ආසු” , බෙනට් රත්නායකගේ “කවුරුත් දන්නෑ” වී. සිවදාසන්ගේ “දෙවැනි යුද්ධය” යන චිත්‍රපට කිහිපයකින්ම ඉදිරියේදී මාව දැකගන්න පුළුවන්.

ජීවිතේ පළමුවැනි වතාවට මායි දුවයි මාස 6ක් වගේ දිග කාලයක් වෙන්වෙලා ඉන්නවා. රටේ තියෙන වසංගත තත්ත්වය පහවූ සැණින් මගේ දුව දැකගන්න සිංගප්පූරුව බලා යන්න ඇඟිලි ගනිමින් ඉන්නවා. මේ දවස්වල පෞද්ගලික ජීවිතේ විස්තර එහෙමයි.

“ආසු” චිත්‍රපටය ශේ්‍රෂ්ඨ ගණයේ චිත්‍රපටයක් වේවි කියා බොහෝ දෙනෙක් අනාවැකි පළකරනවා. එහි ප්‍රධාන චරිතයට පණ පොවන ඔබටත් ඒ ගැන කියන්න කතාන්දරයක් ඇති.
ඔව් අනිවාර්යයෙන්ම. එය අධ්‍යක්ෂණය කරන්නේ සංජීව පුෂ්පකුමාර. එය මැලේසියානු නිෂ්පාදනයක්. එහි සඳහන් වෙන්නේ කරු ජයසූරියගේ දියණිය ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාව. මගේ රංගන ජීවිතයේ මහන්සියෙන්, අමාරුවෙන් කරපු හොඳම චරිතය කියලා එම චරිතය හඳුන්වන්න පුළුවන්. ඒක ජීවමාන චරිතයක්. ඒ නිසා ඒ චරිතයට අංශුවකින්වත් හානියක් නොවන විදිහට මං රඟපාන්න අවශ්‍යයි. අනෙක් අභියෝගය මං එම චිත්‍රපටයේ පණපොවන්නේ පිළිකා රෝගියෙක්ගේ චරිතයට. ඒ චරිතය මට සාර්ථකව නිම කරන්න කරු ජයසූරිය මහත්තයා වගේම ඔහුගේ ලොකු දියණිය ලංකා ජයසූරිය ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉන්දිරා ජයසූරිය කියන්නේ සෙනෙහෙබර මවක්, ආදරණීය බිරියක් , හොඳ සහෝදරියක් වගේම ගොඩක් ළබැඳි දියණියක්. ඇය ජීවිතයේ අවසන් මොහොත වනතෙක්ම හිනාවෙලා සිටි කෙනෙක්. ඇයගේ චරිතය ගොඩනඟන්න වගේම එයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඒ හැමදෙනාගෙන්ම ලොකු ශක්තියක් මට ලැබුණා.

පාසල්වියේදී ඔබ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට හා ක්‍රීඩාවට බොහෝ දක්ෂ කෙනෙක්. ඒ වගේ අත්තිවාරමක් මුලදීම දමාගත්තේ නිළියක් වෙන හීනය හිතේ කොනක තිබුණ නිසාද?
නැහැ. මං බලාපොරොත්තු වුණේ හෙදියක් වෙන්න. ඒත් අපේ තාත්තට හීනයක් තිබ්බා මාව රූප රැජිනියක් කරන්න වගේම නිළියක් කරන්න. තාත්තා දීපු ඒ ජීවිතය තමයි දැන් මං මෙහෙම ගෙවන්නේ. මවුපියෝ කවදාවත් දරුවන්ට වැරැද්දක් කරන්නේ නැහැ. ඒ නිසා තාත්තා දැකපු හීනය මං ලස්සනට පාට කළා. මං නර්තනය හැදෑරුවා, ක්‍රීඩාවන් ගණනාවක් පාසල් අවධියේදී සිදුකළා. එයින් ලද පන්නරය නොදැනුවත්වම මගේ රංගන ජීවිතයටත් ලොකු ආලෝකයක් වුණා.

බොහෝ දෙනකුට රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබුණත් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින්නේ අතළොස්සක් විතරයි. එයට හේතුව කුමක්ද?
මම හිතනවා ඒක මගේ පෙර පිනක් කියලා. රංගන ක්‍ෂේත්‍රයේ අඩියෙන් අඩිය ඉස්සරහට එන්න මට අවස්ථාව ලැබුණා. උදයකාන්ත වර්ණසූරිය මහත්මයාට මම ස්තූතිවන්ත වෙනවා සිනමා තරුවක් විධියට මුලින්ම මාව හඳුන්වා දීම ගැන. වැදගත්ම කරුණ අපට ලැබුණ ඒ අවස්ථාවන් රැකගන්නෙ කොහොමද කියලා අප දැනගන්න එක. ඒ අවස්ථාවන්ට අපගේ කැපකිරීම්, අධිෂ්ඨානය එක් වුණාම දිගු ගමනක් යන්න හැකියාව ලැබෙනවා.

ඔබ තෝරාගත් නිර්මාණවලට පමණක් දායක වන කෙනෙක්ද?
ඔව්. අනිවාර්යෙන්ම මං හැම තිස්සෙම බලනවා මට ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්ද කියලා. උදාහරණයක් විදියට වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටයකට මට ආරාධනා ලැබුණොත් ඒ චරිතයට මට සාධාරණයක් ඉටුකරන්න අපහසුයි කියා මං හිතනවා. ඒ නිසා එවැනි ආරාධනාවක් මං භාරගන්නේ නැහැ. ඒ නිර්මාණයකට චරිතයකට මගෙන් අසාධාරණයක් වෙයි කියලා හිතෙන කිසිම චරිතයක් මං භාරගන්නේ නැහැ.

ඔබ ඔබට ලබාදෙන චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෑම කැපකිරීමක් කිරීමට නොපසුබට වන නිළියක් ලෙසිනුයි ක්‍ෂේත්‍රය තුළ හඳුන්වන්නේ. එසේ පැවසීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
බොහෝ දෙනෙක් මගේ ගැන එහෙම කියනවාට මම ගෞරව කරනවා. පෞද්ගලිකවත් මම ඒ කාරණය පිළිගන්නවා. මම චරිතයක් භාරගන්න විට ඒ චරිතයේ ළමා කාලය, ඇය මවුපියන් සහෝදර සහෝදරියන් සමඟ ගනුදෙනු කරන ආකාරය, ඇයගේ චරිත ස්වභාවයත් එක්ක මං ඇයව සිතින් මවා ගන්නවා. එතකොට ඒ චරිතය ඇතුළේ උදාරි වර්ණකුලසූරිය කියන කෙනා නැහැ. මං හිතන්නේ චරිතාංග නිළියක් වෙනවා කියන්නේ ඒකට.

කාලයක් ඔබ අංගම් සටන් කලාව ප්‍රගුණ කළා නේද?
අංගම් සටන් කලාව යම්තාක් දුරකට මං ප්‍රගුණ කළා. රූපගත කිරීම් නිසා ඒ කටයුතු තරමක් දැන් මට අතපසු වෙලා. නමුත් ඒ සම්බන්ධ නිර්මාණයක් ලැබුණොත් නැවතත් පුහුණුවීම් කරලා වැඩිදුරටත් හදාරන්න බලාපොරොත්තු වෙනවා.

පවුලේ විස්තර කොහොමද?
අම්මා, තාත්තා, අයියා අපේ පවුලේ ඉන්නෙ. මගේ පවුල ගොඩනැඟෙන්නේ සැමියයි, දරුවයි එක්ක. අපි අවුරුදු 13ක් තිස්සේ සිංගප්පූරුවෙයි ජීවත් වුණේ. මගේ සැමියා සුජිත් ඉන්දීවර විජේරත්න. ඔහු වෘත්තියෙන් ශල්‍ය වෛද්‍යවරයෙක් මගේ දුව ශෙනාර්‍යා ඔමේලි විජේරත්න.

බොහොමයක් රංගන ශිල්පිනියන්ට විවාහයත් සමඟ රංගනය මඟහැරෙනවා. නැත්නම් මඟ අහුරනවා. නමුත් ඔබට එවැනි සම්බාධකයන් මතුවෙන්නේ නැහැ නේද?
ඇත්තටම මං ගොඩක් වාසනාවන්තයි. මාව වගේම මගේ වෘත්තිය හොඳින් තේරුම්ගත් සැමියකු ලබන්න තරම්ම මගේ රංගන කටයුතු ඔහු හරි ආදරෙන් අගය කරනවා. ඔහු මගේ හොඳ රසිකයෙක් කිව්වොත් නිවැරැදියි. මං කරන කැපකිරීම්වලට ඔහුගෙන් ලැබෙන දිරිය මහමෙරක් තරම්. ඔහුගේ වෘත්තීයමය ජීවිතයේ ජයග්‍රහණ මට අගය කරන්න තේරෙන්නේ නැහැ. නමුත් ඔහු ඒ කාර්යය අකුරටම කරනවා.

වෘත්තීයමය ජීවිතයයි බිරිය මව කියන භූමිකාවනුයි කොහොමද සමබර කරගන්නේ?
මගේ ජීවිතයේ හැමදාම මුල්තැන දුන්නේ මගේ පවුලට. උදාහරණයක් විදිහට රූපගත කිරීමක් හා දුවගේ මවුපිය රැස්වීමක් එකම වෙලාවක තිබ්බොත්, මං රූපගත කිරීම් තවත් දිනයකට මාරුකර ගන්නවා. දුවගේ වැඩකටයුතුවලට මාව නියෝජනය කරන්න කිසිම කෙනෙක් මම යොදවලා නැහැ. එයින් මං මගේ වෘත්තීයමය ජීවිතයට අඩු සැලකිල්ලක් දක්වන බවක් කියන්නේ නැහැ. රඟපෑමට මං ගොඩක් ගෞරව කරනවා. නමුත් මං ඒ ද්විත්වය කවදාවත් පටලවා ගත්තේ නැහැ.

මවු පදවියත් එක්ක බොහෝ කාන්තාවන්ට තමන්ගේ රූප සම්පත්තිය අමතක වෙනවා. නමුත් දරු ප්‍රසූතියෙන් පස්සේ ඔබගේ සුන්දරත්වය තවත් වැඩිදියුණු වුණා. මොකක්ද ඒකේ රහස?
ඔව්. ඒ කාරණය දකුණු ආසියාතික කාන්තාවන් අතර වැඩි වශයෙන් දකින තත්ත්වයක්. එයාලා මවක් වුණාම ජීවිතේ අතහරිනවා. මෙතෙක් ආදරෙන් රැකගත්ත සුන්දරත්වය ටිකෙන් ටික නැතිවෙන දිහා එයාලා බලන් ඉන්නවා. කාන්තාවක් විවාහ වීම, ඇය මවක් වීම ඇයගේ ජීවිතයේ එක් අදියරයක්. දරු ප්‍රසූතියෙන් පස්සේ පෙර සිටි සුන්දර කාන්තාව නැවත උපදින්න ඕනේ. දරු ප්‍රසූතියෙන් පස්සේ මගේ බර කිලෝ 80ක් තිබුණා. මටත් ජීවිතේ අතාරින්න ඒ සාධකයම ඇති. ඒත් මං මගේ සුන්දරත්වය වෙනුවෙන් කාලය වෙන් කළා. ඒ නිසා මට එදාටත් වඩා ලස්සනට හිනාවෙලා ඉන්න දැන් පුළුවන්.
ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" , "හදගැස්ම."


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top