44 හැවිරිදි සම්පත් සඳරුවන් සමරනායක නමැත්තා අධිකරණයේදී පවසා ඇත්තේ, අදාළ තරුණියන් ස්පර්ශ කිරීම, සිප ගැනීම හෝ සිය අවයව පෙන්වීම නොකළ බවයි.
2018 වසරේ සැප්තැම්බර් මාසයේදී බ්‍රිස්බේන්හි රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණි තරුණියන් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 18ට ම ඔහු වරදකරු බවට ක්වීන්ස්ලන්ත දිස්ත්‍රික් අධිකරණයක් තීන්දු කළා.
ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා වූයේ, ලිංගික අතවර කිරීම් 9ක්, නිදහසට බාධා කිරීම් 4ක්, හිංසා කිරීම් 3ක් සහ අවිනීත හැසිරීම් 2ක් යන ඒවා යි.
මෙම නඩු විභාගය පැවැත්වෙන අතරතුර කාන්තාවන් පස් දෙනෙකු සාක්ෂි දෙමින් පැවසුවේ, සම්පත් සමරනායක නමැත්තා ඔහුගේ සිරුර ස්පර්ශ කරන ලෙසට බල කළ බවයි.
ඇතැම් කාන්තාවන් පැවසුවේ, ඔහු මෝටර් රථය ලොක් කර තිබූ බවයි.
කෙසේ වෙතත්, සම්පත් සමරනායක පවසා ඇත්තේ, වෘත්තියෙන් කෝකියෙකු ලෙස සේවය කරන තමන් දෙවන රැකියාවක් ලෙස ටැක්සි රියැදුරෙකු ලෙස ද සේවය කළ බව ද වාර්තා වනවා.
ඒ අතරතුර තමන් සිය ශරීර ප්‍රමාණය අඩු කර ගැනීමට උත්සහ කළ බවත් අදාළ තරුණියන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔහු අධිකරණය හමුවේ පවසා තිබුණා.
කෙසේ වෙතත්, අධිකරණය නියෝග කළේ, ඔහුට වසර 3ක සිර දඬුවමක් නියම කරන බවයි..
සිර දඬුවම අවසන් වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතයි.
කුමුදු ජයවර්ධන
ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්..