කාන්තාවකට ලිංගික අතවර කළ බවට වැරදිකරු වූ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනී අල්වේස් ව සිරගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බාසිලෝනා නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී 2022 වසරේදී අල්වේස් විසින් කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ලවූ අතර ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද (22) ලබා දෙමින් ඔහුව මෙලස සිරගත කර තිබෙනවා.
එම සිදුවීම දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවූවක් බව අල්වේස් පැවසුවත් එය පිළිනොගත් අධිකරණය ඔහුට එරෙහිව වසර 4 1/2ක සිර දඬුවමක් ලබා දුන්නා.
එමෙන්ම වින්දිත කාන්තාවට ඩොලර් 163,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා.