කෙසෙල් පට්ට භාවිතා කරමින් ඉතාමත් සාර්ථකව ඉන්නන් ඉවත් කරගන්න පුළුවන් බව ඔබ දන්නවද ?
එච්.පී.වී වයිරසයේ බලපෑම නිසා සම මතු පිට ස්ථරය අසාමාන්‍ය ලෙස වර්ධනවී ගැටිත්තක් දක්වා වැඩිදියුණු වෙන අතර, සම මත ඇතිවෙන එවැනි ගැටිති ඉන්නන් ලෙස හඳුන්වනවා.
එවැනි ඉන්නන් අතරින් බොහොමයක් ඒවා ප්‍රතිකාර නොකලද ටික කලකින් ඉවත් වී යන්නට පුළුවන්.
ඒවගේම එම ඉන්නන් ප්‍රමාණයෙන් කුඩා නම් ඔබ අනියත බියක් ඇතිකරගත යුතු නැහැ. නමුත් ඒ හේතුවෙන් පිරිසක් ඉදිරියේ ඔබ අපහසුතාවයාට පත්වෙන්නට පුළුවන්.
ඉන්නන් ඉවත් කිරීම සඳහා වෙළඳපොල වෙත හඳුන්වා දී තිබෙන වානිජමය නිෂ්පාදන වල ශරීරයට අහිතකර විෂ රසායනිකයන් අන්තර්ගත වී තිබෙන නිසා ඒවා වලින් වැළකී ස්වභාවික ප්‍රතිකාර සඳහා යොමු වෙනවානම් වඩාත් හොඳයි.
අවම පොටෑසියම් මට්ටම ඉන්නන් හා ඍජුව සම්බන්ධ වී නොපැවතියත්, එහි පැතිරීම සඳහා බලපාන ප්‍රධානම සාධකයක් ලෙස එය හඳුන්වන්නට පුළුවන්.
කෙසෙල් වල වගේම කෙසෙල් ලෙලි වලද විශාල වශයෙන් පොටෑසියම් අන්තර්ගතව තිබෙනවා. එම නිසා කෙසෙල් පට්ට භාවිතා කරමින් ඉතාමාත්ම පහසුවෙන් ඉන්නන් ඉවත් කරගන්නට පුළුවන් බව වාර්තා වෙනවා.
ප්‍රතිකාරය
ඉන්නා හොඳින් ආවරණය කරගැනීමට ප්‍රමාණවත් වෙන තරම් විශාල කෙසෙල් ලෙලි කැබැල්ලක් කපාගන්න. හොඳින් ඉදුණු කෙසෙල් ලෙල්ලක් භාවිතා කරනවානම් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්. කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත සම මත හොඳින් ස්පර්ශ වෙන ලෙස තබාගන්න. ඉන් පසුව වෙළුම් පටියක් ගෙන හොඳින් තදවෙන ලෙස බැඳගෙන එළිවෙන තුරු සිටින්න. මෙලෙස සතියක් පමණ සිදුකරන විට ඔබ නොදැනුවත්වම ඉන්නා ඉවත්වී යාවි. නමුත් ඉන්නාගේ ප්‍රමාණය අනුව ගතවෙන කාලයද වැඩිවෙන්නට පුළුවන් බව මතක තබාගන්න.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්