අපි Bullying කියල කියන්නෙ කුමන හෝ හේතුවක් මත පිරිසක් විසින් එක් පුද්ගලයෙක්ව අපහාසයට ලක් කරමින් කොන් කිරීම. මේක කොටස් හතරකට බෙදෙනවා.
1. Physical Bullying
2. Verbal Bullying
3. Social Bullying
4. Cyber Bullying
අපි මේ ගැන වැඩිය කතා නොකලාට USA වල මේ වෙනුවෙන්ම ආයතනයක් පවා තියනවා.
කණගාටුවට කරුණක් උනත් ලංකාවෙ බොහෝ පාසල් වල දරුවන් අතර බුලි කිරීම යම් මට්ටමකට තියනවා. මේක දරුවෙක්ගෙ යම්කිසි විශේෂ සංකූලතාවයක් මූලික කරගෙන වෙන්නත් පුළුවනි.
නමුත් වැඩිපුරම බුලි වීමට මූන දෙන්න සිදු වෙන්නෙ කිසිම සංකූලතාවයක් නැති නමුත් සමාජීය ලෙස ඉදිරියට යාමට යම් ඔතෑනි කමක් දක්වන දරුවන්ව.
එම දරුවන් බුලි වීමට ලක් වන මුල්ම දිනයේ හෝ දෙවනි දිනයේ එයට විරුද්දව දක්වන ප්‍රතිචාරය අතිශය වැදගත්.
ඔබේ දරුවා පාසල් යන්න දැඩි අකමැත්තක් දක්වනවානම්, පාසල ඇරී ගෙදර එන්නේ දැඩි කනස්සල්ලෙන් හෝ අඩමින් නම් වහාම අවධානය යොමු කර සොයා බලන්න. මොකද මේක දරුවාගේ අනාගතේට දැඩි මානසික කම්පනයක් එල්ල කරන්න පුළුවන් හේතුවක් විය හැකියි.
මේවා කරන්න මූලික වෙන්නෙත් තවත් දරුවන් කොටසක්. එයාලත් මේකෙ තියන බරපතලකම ගැන අවබෝධයක් ගන්න තරම් වයසින් මෝරල නැති පිරිසක්. ඒ නිසා දෙමාපියන් වන අපි මේකට මුලින්ම මැදිහත් නොවී එවන් තත්වයකට අපේ දරුවා පෙර සූදානම් කර යැවීම තමයි කරන්න පුළුවන් සුදුසුම දේ.
දරුවගෙ ආත්ම විශ්වාසය උපරිමයෙන් ගොඩනගන්න.
ඔයාට කවුරු හරි දිගින් දිගටම කරදර කරනවනම්, අනවශ්‍ය විදියට විහිලු කරනවනම්, ඔයාව අඩවනවනම් ඔයා පලමුවෙන්ම කරන්න ඕන ගුරුවරයෙක්ගෙන් උදවු ගන්න එක. දෙවනුව ඔවුන්ට දැඩි විරුද්ධ ප්‍රතිචාරයක් දක්වන එක. ඒකත් සාර්ථක නැත්නම් ඔයා වෙනුවෙන් අම්මයි තාත්තයි ඕනම දේකට ඉන්නවා කියන විශ්වාසය දරුවට දෙන්න.ඒක ඉතාම වැදගත්.
දරුවො දරුවො විදියට ජීවත් වෙන පුංචි කාලෙ ඔවුන් ඒ මානසික සුවය උපරිමයෙන් විදින්න ඕන. ඒත් මේ පුංචි දේකට පුළුවන් ඔවුන්ගෙ සතුට විනාස කරල දාන්න. ඒ නිසා අපි ඔවුන්ගෙ මානසික සුවය ගැන උපරිම අවධානයෙන් ඉන්න ඕන හැමදාමත්..
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්