පසුව බන්ධනාගාර රථය අවහිර කරමින් තවත් භික්ෂුන් වහන්සේ පිරිසක් බිම දිගාවි තම විරෝධය පළ කර තිබෙන අතර තවත් පිරිසක් ගේට්ටුවෙන් උසාවිය ඇතුළට යෑමට උත්සාහ කළත් පොලිසිය දොරටු වසා දමා එම උත්සාහය ව්‍යර්ථ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් පසු භික්ෂුන් වහන්සේ පිරිසක් තාප්පයෙන් උසාවි භූමියට ඇතුළු වී ඇති නමුත් මේ සියලු විරෝධතා මධ්‍යයේ අධිකරණයේ දොරවල් වසා දමා අධිකරණ වැඩ කටයුතු කරගෙන ගිය බවයි වාර්තා වන්නේ.
දැඩි උණුසුම්කාරී තත්ත්ව මත පොලිසිය කැරළි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර විරෝධතාව දැක්වීමට පැමිණි එක් භික්ෂුවක් ක්ලාන්ත වූ අතර අනෙකුත් භික්ෂුන් වහන්සේ විසින් ක්ලාන්ත වූ භික්ෂුව ඔසවාගෙන ප්‍රථමාධාර ලබා දීම සඳහා රැගෙන ගොස් තිබුණා.
මේ අතර පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ අධිකරණ සංකීර්ණය අසල නොසන්සුන්කාරීව හැසිරුනු ස්වාමීන් වහන්සේලා පිළිබඳ වාර්තාවක් මල්වතු මහනාහිමියන්ට සහ කෝට්ටේ පාර්ශවයේ මහ නාහිමියන්ට ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිසියට දන්වා තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ අධිකරණයට ගරු කිරීමට සියලුදෙනා කටයුතු කල යුතු බවයි. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අසල ස්වාමීන් වහන්සේලා පිරිසක් හැසිරුනු ආකාරය වැනි සිදුවීම් පිළිබඳ බෞද්ධයන් ලෙස ලැජ්ජා විය යුතු බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලා.
බෞද්ධ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඇති විනය පිටකයට අනුව කටයුතු කල යුතු බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ. එමෙන්ම රටේ පවතින නීතියට සියලුදෙනා යටත්වීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.
ඇතුළට යන්න කලින් ඥාණසාර හිමියන් උසාවිය ඇතුළේ වෙච්ච දේ ගැන කියපු කතාව - වීඩියෝ අත්අඩංගුවට ගන්න තරම් ඥාණසාර හිමියන් හෝමාගම උසාවියට ගිහින් ආවේගයෙන් කියන කතාව - වීඩියෝ