ඇඹිලිපිටිය මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු තරුණයෙකු මියයෑමට අදාළ නඩුවේ පවුලේ සාක්ෂි විමසීමේ කටයුතුවලින් ඉවත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කර තිබෙනවා. මෙම නඩුවේ පොලීසියේ සාක්ෂි මෙහෙයවීම සිදුකරන්නේ ද ඔහුයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවවලින් විරෝධතා ද එල්ල වුණා.
එහිදී අදහස් දැක්වූ නීතීඥ අජිත් පතිරණ පැවසූ කරුණු පහතින්....
-මාධ්‍ය ප්‍රකාශගේ පෙර හැසිරීම මත මහජනතාවට පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සැකයක් මතුවෙලා තියෙනවා. එවැනි අවස්ථාවක මාධ්‍ය ප්‍රකාශක විසින්ම මෙම මරණ පරීක්ෂණය මෙහෙයවීමට කටයුතු යෙදීම තුළ මේ සැකය වැඩිකරලා තියෙනවා. ඔහු මේ මරණ පරීක්ෂණයට පෙනී ඉන්නේ නීතීඥවරයෙක් ලෙස නම් ද්විත්ව චරිතයක් නම් රගපාන්නේ එවැනි දෙයක් කිරීමට ඔහුට නීතියේ ප්‍රතිපාදන නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවට නීතී ආධාර අවශ්‍ය නම් හැකියාව තිබෙනවා නීතිපතිගෙන් උපදෙස් ගන්න.
මේ අතර, තරුණයා මියයෑමට අදාල නඩුව ඊයේත් (14) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනා. වෙනදාට අඳින පොලිස් ඇඳුම වෙනුවට නීතීඥ ඇඳුම ඇඳගෙන ඔහු උසාවියට පැමිණ සිටියා.
ගැටුම සිදුවූ ඉකුත් 4 වනදා රාත්‍රියේ ඇඹිලිපිටිය පොලිසිය දුරකථන ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ හා ගැටුම පැවති ස්ථානයට ගිය ජංගම පොලිස් කණ්ඩායමේ නිලධාරින් දෙදෙනෙකුගෙන්ද සාක්ෂි විමසීම් මේ වන විට සිදුකර තිබෙනවා.
මේ අතරතුර මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ ඇතුළු ඥාතින් පිරිසක් නඩුව අවසන් වූ පසුව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටට පැමිණ පොලිසියට සිය විරෝධය පළ කළේ පොළවේ වැලි ඇටයක් ගානට මේ කළ අපරාධයට පඩිසන්දෙන ලෙස දෙස් දොවොල් තියමින්..