වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වුණා.
ඔහුට අද උදෑසන මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ දේශපාලන රැස්වීමක් අමතා කතාවක් කරමින් සිටින අවස්ථාවේදීයි..
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ හිටපු අගමැතිවරයා රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි ඔහුගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප්‍රකාශකර තිබුණේ.
ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂී පුද්ගල චරිතයක් වන ඔහුගේ අභාවයට සංවේගය පළකරමින් ලොව නන් දෙසින් මේ වනවිට කණගාටු ප්‍රකාශ සටහන් වන අයුරු දැකිය හැකියි.
මේ ඒ අතර වූ මෙරට ජනපති තැබූ ට්විටර් සටහනයි...
Deeply saddened by the tragic death of former #Japan PM Shinzo Abe.
Japan has lost a highly respected politician.
I extend my heartfelt condolences to his family, the LDP & to the people of Japan.