ඒ අතරේ තමන්ගේ විවේකය පවා කැප කරලා රෝගීන් සුවපත් කරන්න මහන්සි වුණු හැමෝම ආදරය කරපු කෙනෙක් තමයි වෛද්‍ය සදුන් පුලස්ති මහතා. හැමෝම ඔහුට කිව්වේ "හිතහොඳ දොස්තර" කියලා.
හැබැයි කාටවත් හිතාගන්න බැරි විදිහට, පසුගිය දවසක මේ ආදරණීය වෛද්‍යවරයා හදිසියේම මෙලොව හැර ගියා.
වෛද්‍ය සදුන් පුලස්ති මහතා මියයන විට ඔහුගේ වයස අවුරුදු 42ක් විතරයි. වාර්තා වෙන විදිහට ඔහු මියගිහින් තියෙන්නේ හදිසියේ ඇතිවුණු හෘදයාබාධයකින්. ඔහුගේ බිරිඳ වන ඩිලානි ලියනගේ මහත්මියත් වෛද්‍යවරියක් විදිහට සේවය කරන අතර, සදුන් මහතා දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්.
සදුන් මහතාගේ වියෝවත් එක්ක ජාතික රෝහලේ සේවක මණ්ඩලය වගේම සමාජ මාධ්‍යත් ලොකු කම්පනයකට පත්වුණා. ඔහුගේ සමීපතමයෙක් මුහුණුපොතේ තබා තිබුණු සටහනක් දැක්කම ඕනෑම කෙනෙකුගේ ඇසට කඳුළක් උනනවා. ඔහු කියලා තිබුණේ මෙහෙමයි...
"මොනවා කියන්නද මල්ලි... මිනිස්සු සමුගන්නවා ඒක ඇත්ත. ඒත් මෙච්චර වේලාසන තවත් මිනිස්සුන්ව සුවපත් කරන්න හිටපු මිනිහෙක් නේද ඔබ... ගමේ කොල්ලෙක් විදියට හැමෝටම උදව් කරගෙන නිදහසේ හිටපු හොඳ හිතක් තිබ්බ කෙනෙක්... අද ඒ හැමෝම විඳින වේදනාව ඔබ දන්නවා නම් ඔවුන් සුවපත් කරන්න ඔබ ආයෙත් එන බව විශ්වාසයි"
දහසක් රෝගීන්ගේ ජීවිතවලට සුවය දීපු මේ "හිතහොඳ දොස්තර" ගේ දේහය පසුගිය 07 වැනිදා හවස විශාල පිරිසකගේ සෝක මධ්‍යයේ බැද්දගාන පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරුණා.
සැබවින්ම, මෙවැනි මානුෂීය වෛද්‍යවරයෙකුගේ වියෝව රටටම විශාල පාඩුවක්.