Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jun
15
“...යන්තම්වත් දැනන් හිටියද මේ කතාව..?” - ශ්‍රී ලංකාවට හිසරදයක් වූ, පිරිත් නූල බැඳ ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන, ලංකාවේ කොල්ලා Ashton Agarගේ වතගොත මෙන්න - Photos

- “...යන්තම්වත් දැනන් හිටියද මේ කතාව..?” - ශ්‍රී ලංකාවට හිසරදයක් වූ, පිරිත් නූල බැඳ ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන, ලංකාවේ කොල්ලා Ashton Agarගේ වතගොත මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
Ashton Agar කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කැන්ගරු පිලේ දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්.
 
සැබැවින්ම, කවුරුත් දන්න මේ ක්‍රීඩකයා ගැන බොහෝ දෙනෙක් නොදන්න කතාව නම් ඔහු ලංකාවටත් නෑ කම් කියනවා.
 
Ashton Agarගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක්.

ඇය නමින්, සෝනියා හේවාවිස්ස වන අතර, ඇගේ ගම් ප්‍රදේශය මහනුවර යි.
 
1974 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ඇය, ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන Jhon Agar සමඟ විවාහ වනවා.
 
සෝනියාගේ පියා ද මහනුවර ධර්මරාජ විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩා කළ නාල හේවාවිස්ස යි.
 
ඒගාර් යනු සෝනියාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ඔහුට තවත් සහෝදරයන් දෙදෙනෙකු ද සිටිනවා.
 
ඒගර් මුලින්ම ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට තේරුනු දා ඔහුගේ මව, ඔහුව මෙල්බර්න් හි බෞද්ධ විහාරස්ථානයට රැගෙන යනවා.
 
ඒ, එම විහාරස්ථානයේ වැඩ වාසය කරන විජිත හිමියන් මුණ ගැසී ඒගාගේ ක්‍රීඩා දිවියට ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින්.
 
මෙහිදී බෞද්ධ චාරිත්‍රානූකූලව ඒගාර්ට ආශිර්වාද කරන විජිත හිමියන් ඔහුගේ සුරතේ පිරිත් නූලක් ගැට ගැසීමටත්, අමතක කරන්නෙ නැහැ.
 
ඇස්ටන් එර්ගා 2013 වසරේ ජූලි මාසයේ එංගලන්තය සමඟ පැවති අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට එක් වන්නේ, මෙල්බර්න් විහාරස්ථානයේ විජිත හිමියන් ඔහුගේ වම් අතේ ගැට ගැසූ පිරිත් නූල සුරැකිව ආරක්ෂා කරගනිමින්.
 
සමස්ත තරගය පුරාම එම පිරිත් නූල ඔහුගේ වම් අතේ තිබෙන ආකාරය දක්නට ලැබුණා.
 
සිය මංගල ටෙස්ට් තරගය අතිසුවිශේෂී තරගයක් කරගත් ඇස්ටන් එර්ගා එම තරගයේ දී ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නට සමත් වන්නේ, පිතිකරුවෙකු වශයෙන් දස්කම් දක්වමින්.
 
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අංක 11 පිතිකරු ලෙස පන්දුවට පහර දෙන එර්ගා පිටියට පිවිසෙන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 117 කට කඩුළු 9ක් වශයෙන්.
 
එංගලන්ත පන්දු යවන්නන් හමුවේ දැඩි අසරණභාවයකට පත්ව සිටි ඕස්ට්‍රේලියානු ඉනිම ප්‍රකෘතිමත් කරන්නට මේ තරුණයාට හැකියාව ලැබේ යැයි එදා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින්වත් තරගය නරඹන්නන්වත් කොටින්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමවත් නොසිතන්නට ඇති.
 
නමුත්, ඇස්ටන් එර්ගා ගේ සිතේ තිබුණේ, වෙනත් සැලැස්මක්.
 
ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට සිතූ ඔහු පළමුව මනා සංයමයකින් පන්දුවට පහර දෙමින්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමන්නට වුණා.
 
ඒ වන විට අනෙක් අන්තයේ කඩුල්ල ආරක්ෂා කරගෙන සිටි Phillip Hughesට සහය වීම ඇස්ටන් එර්ගාගේ පළමු රාජකාරිය බවට පත්ව තිබුණද පන්දුවාර කිහිපයක් ගෙවී යන විට ඔහු එංගලන්ත පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකරමින් සිය පිත්ත හසුරුවන්නට වුණා.
 
ප්‍රතිඵලය වූයේ සිය මංගල ටෙස්ට් තරගයේ දීම අංක 11 පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී රැස් කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ඔහුගේ පිත්තෙන් වාර්තා වීම යි.
 
හතරේ පහර 10ක් හයේ පහර 4ක් සමඟින් පන්දු 134කදී ලකුණු 98ක් රැස්කරගන්නා ඇස්ටන් එර්ගා දැවී යන්නේ තමාගේ දෑස් ඉදිරිපිට තිබූ ශතකයට ලකුණු දෙකක් පසුපසින් සිටිමින්.
 
නමුත්, ඒ වන විටත් ක්‍රිකට් වංශ කතාවේ එක් පරිච්ඡේදයක් ඔහු වෙනුවෙන් වෙන් වී හමාරයි.
 
තරගයෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ස්ටීව් ස්මිත් කියා සිටියේ, ඇස්ටන් ඒර්ගාගේ පන්දුවට පහර දීම බලා සිටීම, මන රමණීය අත්දැකීමක් වූ බවයි.
 
ලොව ඕනෑම මට්ටමක ඉදිරි පෙළ පිතිකරුවෙකු හා සමානව ඔහු පහරවල් කරා යොමු වූ බව ස්ටිව් ස්මිත් කියා සිටියා.
 
පන්දු යැවීමේ දීත් දස්කම් දැක්වූ ඇස්ටන් එර්ගා සිය පළමු කඩුල්ල ලෙස දවා ගන්නේ එංගලන්ත කණ්ඩායමේ Alastair Cookගේ කඩුල්ලයි.
 
ඒ, අළුබඳුන ක්‍රිකට් තරගාවලියක කඩුල්ලක් දවා ගත් පළමු යොවුන් දඟ පන්දු යවන්නෙකු ලෙසයි.
 
ඒ වන විට ඇස්ටන් එර්ගා යාන්තම් වයස අවුරුදු 19 සීමාවේ පසුවුණා.
 
ඇස්ටන් එර්ගාගේ පවුල් පසුබිම තුළ බෞද්ධාගමික සංස්කෘතික ගති ලක්ෂණ හොඳින් විහිදී විසිරී ගොස් තිබුණා.
 
ඇස්ටන් පමණක් නොව ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනා ද මව වන සෝනියා හේවාවිස්ස අනුව යමින් බෞද්ධාගමික පසුබිමක් යටතේ හැදී වැඩුණු බවයි, වාර්තා වන්නේ.
 
එමෙන්ම, ඇස්ටන් එර්ගා ඔහුගේ ශ්‍රී ලාංකික ඌරුවටත් අතිශයින්ම ඇළුම් කරන බව ඔහුගේ මව වන සෝනියා හේවාවිස්ස පවසනවා.
 
නිවස තුළ බොහෝ විට පිසෙන ආහාර පවා දේශිය ආහාර රටාවන්ට අනුව සැකසුණූ බත් මාළු පිනි ආප්ප, ඉඳිආප්ප ආදියෙන් සුදානම් වන බවයි ඇය පවසා සිටින්නේ.
 
මෙවැනි ශ්‍රී ලාංකීක පසුබිමක් සහිතව පළමු වරට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇස්ටන් එර්ගා නිමා වූ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලිය තුළදී ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය ගෙන එන්න ලබා දුන්නේ සුලු පටු දායකත්වයක් නොවේ.
 
එම තරගාවලිය තුළදී ඉතාම හොඳින් පන්දු යැවූ ඔහු දවාගත්තේ එක් කඩුල්ලක් පමණක් වුවද, පන්දුවාර 20 තරග තුනේදී ම ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර 12 තුළ දී ශ්‍රී ලාංකික පිතිකරුවන් හට රැස් කරගත හැකි වූයේ ලකුණු 48ක් පමණයි.
 
එය මෑත කාලීන පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියක හොඳම පන්දු යැවීමේ සාමාන්‍යයක් ලෙසයි සටහන් වන්නේ.
 
ඇස්ටන් එර්ගා ගේ දක්ෂතා සම්බන්ධයෙන් සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් පුවත්පත ඔහුගේ මව වන සෝනියා හේවාවිස්ස සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී එර්ගා ශ්‍රී ලංකාවට දක්වන ආදරය සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.
 
එහිදී ඇය පවසන්නේ, ඇස්ටන් එර්ගා සිය මවගේ උපන් දේශයට බෙහෙවින් ඇලුම් කරන බවත්, ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සැළසුම් සකස් කරමින් සිටි බවත් ය.
 
කෙසේ වෙතත්, ක්‍රිකට් ක්‍රීඩාව සමඟ කාර්යබහුල වීම හේතුවෙන් එම අවස්ථාව සකසා ගැනීමට ඉඩ නොලැබුණූ බවයි ඇය සඳහන් කරන්නේ.
 
කෙසේ වෙතත්, ඇස්ටන් එර්ගා සැළසුම් කළ පරිදි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වුවද ඔහුව ශ්‍රී ලංකාවට පිටත් කර එවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරින් තීරණයක් ගනු ලබනවා.
 
ඒ, ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ 2022 ශ්‍රී ලංකා සංචාරයේ ඔවුන්ගේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා ලෙසින්.
 
සිය මව ඇතුළු පවුල ඕස්ට්‍රේලියාවේ සිටිය දී දෛවෝපගත ලෙස ඇස්ටන් එර්ගා මෙරටට පය තබනවා.
 
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහිලිය නොහැකි හිසරදයක් ද සමඟින්.
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top