“කිරි සමන්ගේ” විකාර රූපී බලි තොවිල් රහ බලපු බොහෝ දෙනා දැන් කිරි සමන්ව පිළිකුල් කරනවා, බොහෝම නොමනාපයෙන් ඈතට විසි කර හරිනවා.
මේ වන විට ටික්ටොක් සමාජ මාධ්‍යය, සමාජයේ ජීවත් වන දරුවන්ගේ ජීවිත බිලිගන්නා මාරයෙක් බවට පත් ව ඇති බවත් තවත් මෙවැනි ඛේදනීය සිදුවීම් රට තුළ දෛනික ව වාර්තා වීමේ තත්ත්වයකට පත් වී ඇති බවත් වහා ම මෙම ටික්ටොක් අත්හිටුවීමට වගකිව යුතු බලධාරින් කටයුතු කළ යුතු බවත් එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
කිරිසමන් ගැන මෙම සිද්ධිය මුල්වරට අනාවරණය කරන්නෙ ද එක්සත් මානව හිමිකම් සංවිධානය යි.
ඇඟිලිවලින් වෙඩි තියන කිරි සමන් දැන් මුහුණු පොතේ බොහෝම ජනප්‍රියයි. කිරි සමන් ගැන කියන අපූරූ පෝස්ට් එහෙමත් අපිට මුහුණු පොතෙන් හමුවුණා.
වෙනස් වෙන්න ඔනේ සල්ලි වල අගය නෙවෙයි
වෙනස් වෙන්න ඔනේ මිනිස්සුන්ගෙ
චර්යා රටාව , ගති පැවතුම් එතකොට ලොකේ නිකම්ම වෙනස් වෙනවා සොබාදහම අපිට අදරේ කරනවා එකයි ඇත්ත
කියන කතා කැත හිතන විදිය ගැලපෙන්නේ නැති උනාට ඔයා ලස්සනට ඉන්න !
එතකොට ඔබට බනින උන් අතරේ ඔයාව කාතා බහා වෙනවා වැඩි ඔබට ජය
====================================
මේ ඉන්නෙ tik tok කිරි සමන් !
හැම තිස්සෙම වෙනසක් බලාපොරොත්තු වෙච්ච කොල්ලෙක්
කෙල්ලන්ගෙ අලුත්ම crush එක කියලත් profile එකේ තිබ්බ
එයා හොයපු වෙනස හොයාගෙන හොයාගෙන් ගිහිං නතර උනේ වැලිකඩ බන්ධනාගාරයේ ..
ඒ අම්ම තාත්තා කථන අපහසු තාවයකින් පෙළෙන ,අවුරුදු 11ක අහිංසක දැරියක් රවටා සාද වලට අරං ගිහිං මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි කර තවත් තරුණ තරුනියන් කිහිප දෙනෙක් සමග වරින් වර දූෂණය කරල..
දැං කිරි සමන් හිතපු විදිහටම ඔයා ගැන සමාජය කතා කරනවා..
දැං වත් මේ වගේ ලපයි සිපයි පුබ්බන එක නවත්තමුද ?
ඇත්ත, අර 'ටික්ටොක් කිරිසමන්' අත්අඩංගුවට පත්වෙලා කියන එක ඇහුවාම හෙන ආතල් එකක් වගේ දැනෙනවා තමයි. ඒක එහෙම වෙන්නෙම උගේ ගොංපාට් අජූව වෙලා හිටපු සාතිශය බහුතරයකට ඌ සම්බන්ධයෙන් තිබුණ විරෝධය සහ ඌ සම්බන්ධයෙන් තිබුණ ජුගුප්සාව පුපුරා යෑම නිසා වෙන්න පුළුවන්. ඒ අර්ථයෙන් ඌව බුලි කරන එක, ජෝක් එකට ගන්න එක සාධාරණයි, වරදක් නැහැ..
නමුත් ඒ ජෝක් එක ඇතුළෙ, සාකැස්ටික් බයිට් එක ඇතුළෙ දිය වෙලා යන්නෙ, තනුක වෙලා යන්නෙ "බරපතළ ළමා ලිංගික අපයෝජනයක්" කියන එක අමතක කරන්න නරකයි..
මොකද දැනුවත්ව හෝ නොදැනුවත්ව, එහෙම නැත්නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ විදියට බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වෙලා තියෙන්නෙ අවුරුදු 11ක ගෑනු දරුවෙක්.. හය වසරේ පොඩි කෙල්ලක්... ඒක බරපතළ කම්පාසහගත සිද්ධියක්. කරුණාකර ඒ සිද්ධියෙ බැරෑරුම්කම තනුක කරන්න එපා.
