white house කියූ සැණින්ම හැම කෙනෙකුගේම මතකයට එන්නේ ධවල මන්දිරය. නමුත් මේ කියන්න යන්නේ ඒ මන්දිරය ගැන නම් නෙමෙයි.
මේ කියන white house පිහිටා තිබෙන්නේ අයිස්ලන්තයට දකුණින් පිහිටි දුරස්ථ දූපතක් වන Ellidaey හි. මෙම දුපත දූපත් සමූහයක් වන Vestmannaeyjar හි එක කොටසක් කියලයි කියන්නේ. මේ දූපත මේ වෙද්දී පාළුවට ගිහිං. ජනතාව වාසය කරන්න හෝ එම දූපතේ අසිරිය බලන්න වත් ජනතාව යන්නේ නැහැ.
මේ දූපතේ පවුල් පහක් වාසය කර තිබෙන බවත් එම පවුල් වර්ෂ 1930 ගණන්වල ඉන් ඉවත් වෙලා වෙනත් ප්‍රදේශයකට ගොස් තිබෙනවා. ඒ වගේම මේ මන්දිරයේ අයිතිකරු ප්‍රකෝටිපතියෙක් කියලත් සඳහන් වෙනවා.
ඒ වගේම මෙම නිවස සුප්‍රසිද්ධ අයිස්ලන්ත ගායිකාවක් වන 56 හැවිරිදි Björk Guðmundsdóttir ට අයිති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. ඒ වගේම මේ දවස්වල කතා පැතිරෙන්නේ එය ආගමික ආරාමයකට අයත් බවයි.
කොහොම නමුත් එහි සත්‍යක් ගැන සඳහනක් නැහැ. පසුගියදා ඡායාරූප ශිල්පියෙක් විසින් එම මන්දිරයේ ඡායාරූපයක් ගෙන instagram හි පලකරලා. ඊට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබෙන අතර එය බොහෝ දෙනෙක් අතර හුවමරුවිමත් එක්ක යළිත් කතාබහට ලක් වෙලා.