33 හැවිරිදි වියේ පසුවන ඇගේ නම නිකොල් ෆැසියෝ, කුඩා කාලයේ සිටම lymphedema නම් දුර්ලභ රෝගයට ගොදුරු වූ ඇය දැන් දැන් එයට හුරු වී තිබෙනවා.
ඇය කියන්නේ, ඇය දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන බව, අන්යන්ට මවා පාන්නට උත්සහ කරමින් සිටින බවයි.
දැන් දැන් ඇගේ වම් අතට අමතරව, ඇගේ කකුල්, උදරය හා ලිංගේන්ද්‍රිය මෙන්ම අභ්‍යන්තර අවයව ද ඉදිමීම සිදු වන බවයි ඇය කියන්නේ.
"මට තිබුණේ ගොඩක් අඳුරු දවස්. ඒත්.. මට කාගෙවත් අනුකම්පාව එපා.."තමන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න වසර 28කට එහා ගත වුනු බවත් ඇය කියන්නේ අතිශය වේදනාවකින්.
තම දියණියගේ මේ අසාමාන්‍ය තත්ත්වය ගැන ඇගේ දෙමව්පියන්ද පසුවන්නේ දුකින්. කුඩා කල සිටම මේ සිදුවන දේ කුමක්දැයි පැහැදිලි කිරීමට ඔවුන් ලොකු වෙහෙසක් ගත් බව ඇය කියනවා.
Dailymail ඇසුරිනි.
