අමෙරිකාවේ ක්‍රියාත්මකව පැවැති සමානාත්මතා පනත ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩ්න් හට චෝදනා එල්ල කර තිබෙනවා.
ස්ත්‍රී පුරුෂභාවය හා ලිංගිකත්වය පදනම් කරගෙන වෙනස් කොට සැලකීම තහනම් කරන මෙම පනත පසුගිය බ්‍රහස්පතින්දා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.
අදාළ පනත ඉවත් කිරීම තුළින් සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට කාන්තා ක්‍රීඩා ඉසව් සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව උදා වනු ඇති බව ද ට්‍රම්ප් අවධාරණය කරනවා.
එය කාන්තාවන්ට සුදුසු නොවන බවත්, ඔවුන්ට අනාගතයේදී පිරිමින් සමඟ තරඟ කිරීමට සිදු වනු ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
අදාළ යෝජනාව සෙනට් සභාවේ අනුමැතියෙන් අනතුරුව එය නීතියක් බවට පත්වනු ඇති.
වත්මන් ජනාධිපතිවරයාගේ අධාරකරුවන් පවසන්නේ, මෙම පනත හරහා කම්කරු හා සිවිල් අයිතිවාසිකම් නීති හරහා සංක්‍රාන්තික ලිංගිකයින්ගේ ආරක්ෂාව තහවුරු වන බවයි.
එමෙන්ම පුද්ගලයෙකුගේ ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂභාවය අනන්‍යතාවය රැකියා, නිවාස, ණය අයදුම්පත්, අධ්‍යාපනය, පොදු නවාතැන් සහ වෙනත් ක්ෂේත්‍ර සඳහා භාවිතා කළ නොහැකි බව ද සඳහන්.
උපතේදී පුද්ගලයෙකුගේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නය ඉවත් කිරීමෙන්, පිරිමි උපතින්ම පිරිමින්ට කාන්තාවන්ගේ අවකාශයට ඇතුළු වීමට ඉඩ ඇති බවයි විචාරකයින් අවධාරණය කරන්නේ.