ඊයේ අලුයම 2.00ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර මෙම තරුණයා ප්‍රතිකාර ලබමින් සිටි 10 වැනි මහලෙහි කාමරයෙන් බිමට පැන ඇති අතර ඔහුගේ සිරුර පස්වැනි මහලේ තිබී හමුවී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශන අරඹා ඇති අතර මෘතදේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘතශරීරාගාරයට රැගෙන ගොස් ඇති බව සඳහන්.
මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයකු මෙලෙස රෝහලේ ඉහළ මහලයකින් පැන සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයක් උද්ගතවන තෙක් අදාළ රෝහලේ කාර්ය මණ්ඩලය නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් එම රෝහලට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙනවා.
මේ අතර මෙම තරුණයාගේ හදිසි වියෝව ගැන, ඔහුගේ මිතුරන් සංවේදී සටහන් බොහෝමයක් තබා තිබුණා.
ඒ අතරින් කිහිපයක් පහතින්...
