ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් සිදු වන වනාන්තර විනාශය නතර කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සදහා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දීයි මෙම තීරණය ගෙන ඇත්තේ.'
හදිසි වැටලීම් වලට අමතරව නැගෙනහිර පළාතේ සිදුවන වන විනාශයන් ආරක්ෂක අංශ වෙත දැනුවත් කිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංක ( 070-7011117 ) සහිත දැන්වීම්පුවරු සවි කිරීමටද තීරණය කර තිබෙනවා.
මීට අමතරව ප්‍රාදේශිය මට්ටමින් පරිසර කමිටු පිහිටුවීමටද පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
මින් ඉදිරියට වනාන්තර සහ පුරාවිද්‍යා ස්ථාන විනාශ කරවන කුමන හෝ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද ආණ්ඩුකාරවරිය ආරක්ෂක නිළධාරින්ට උපදෙස් දී ඇති බවයි වාර්තාවන්නේ.
මේ අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, නැගෙනහිර නාවික ආඥාපතිවරයා, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් දිස්ත්‍රික් ප්‍රධානින් සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිළධාරින් පිරිසක් එක්වූවා.