ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 53කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 184ක්.
එහිදී Conway නොදැවි ලකුණු 99ක් ලබාගැනීමටයි සමත් වුණේ.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 03ක් තුළ සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 131ක් පමණයි.
තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ, ක්‍රියිස්ට්චර්ච් හිදීයි.