කුඩා කල සිට තිබු හීනය මේ වනවිට සැබෑවක් බවට පත්ව ඇති බව හිරු ස්ටාර් අහුංගල්ල, උදාර කෞශල්‍යය පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ,ශ්‍රී ලාංකීය ටෙලිවිෂන්කරණය යාවත්කාලීන කළ හිරු TV, සියලු රියැටිලි වැඩසටහන් අතික්‍රමණය කරමින් සජිවි රියැලිටි ටෙලිවිෂන්කරණය නිර්වචනය කළ මෙරට ප්‍රථම සහ එකම සජීවී රියැලිටි ටෙලිවිෂන් සන්නාමය 'හිරු Star' season 2 කිරුළ ජයගැනීමෙන් අනතුරුවයි.
හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟය ඊයේ රාත්‍රී 7.30ට ආරම්භ වූයේ, හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ දීයි.
මැදිරි සංකීර්ණ දෙකක් එක් කොට මෙරට සිදුකරන ප්‍රථම සජීවි විකාශය මෙය වීමත් විශේෂත්වයක්.
හිරු ස්ටාර් සීසන් 02 අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයාට එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රියැලිටි වැඩසටහනකදී පිරිනැමෙන විශාලම ත්‍යාග සමඟ, හිරු ස්ටාර් වේදිකාවේ සිහසුන තනන්නට ජනතා මනාපයෙන් සිව් දෙනෙකු තේරී පත් වුණා.
ඒ, හොරණ - විශ්ව ප්‍රභාත්, අහුංගල්ල - උදාර කෞශ්‍යල්‍ය, හොරණ - අමන්දා පෙරේරා සහ බොරැල්ලේ - දිල්ශාන් මධුරංග යන අයයි.
මිලියන ගණනක ජනතා සිහිනය සැබෑ කරමින් කිරුළ අත්පත් කර ගන්නා විජයග්‍රාහකයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීනතම ජීප් රථයක්, මුදලින් රුපියල් මිලියන දෙකක් සහ රුපියල් මිලියන 5ක් වටිනා දෘශ්‍ය ගීත 12ක් ඇතුළත් සංගීතමය ඇල්බමයක් හිමි වනවා.
හිරු ස්ටාර් ශ්‍රී ලාංකීය රියැලිටි වංශ කතාව වෙනස් කළේ ප්‍රේක්ෂකයින්ට තම අභිමතය පරිදි හිරු ස්ටාර් මොබයිල් ඇප් මෘදුකාංග යෙදවුම හරහා තරඟකරුවන් ගායනා කරන අවස්ථාවේදීම, සජීවීව මනාපය පළ කිරීමේ අවස්ථාව ලබාදී තිබුනා.