Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
20
“හෙට උදේ මං එනවා ඔයාව මුණගැසෙන්න... ඔයාගේ තාත්තවත් මට බලන්න ඕනෙ...” - සීදූව කැළඹූ ටියුෂන් ගුරුවරයෙකු කපා කොටා මැරූ සිද්ධියේ තවත් අතුරු කතාවක් එළියට, ඝාතනය කළ ඇත්තම හේතුව සැලසුම්කරු වමාරයි

- “හෙට උදේ මං එනවා ඔයාව මුණගැසෙන්න... ඔයාගේ තාත්තවත් මට බලන්න ඕනෙ...” - සීදූව කැළඹූ ටියුෂන් ගුරුවරයෙකු කපා කොටා මැරූ සිද්ධියේ තවත් අතුරු කතාවක් එළියට, ඝාතනය කළ ඇත්තම හේතුව සැලසුම්කරු වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

“අයියේ... ඔයා සීදුවේ මුතුවාඩිය පාලම පහු කරලා මීටර් පන්සීයක් විතර එන්න...”

“ඒකෙන් මාව නැත්තටම නැතිවුණා...
ඒ නිසයි මං මේ දේ කළේ...”

අපරාධකාරයන් වෙර දරන්නෙ සිය අපරාධ සදා වැළලී යන ආකාරයෙන් සැලැසුම් කිරීමටයි.

එහෙත් අතිදක්ෂ පොලිස් නිලධාරින්ගේ සූක්ෂ්ම විමර්ශන නිසාවෙන් බොහොමයක් අපරාධයන්හි සුලමුල දින ගණනාවකින්ම අනාවරණය කරගැනීමට සමත්වන්නෙ සැකකරුවන්ද සමඟිනි.


මෙකී අපරාධයද සීදුව පොලිසියේ විමර්ශන නිලධාරින්ගේ පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් නිසාවෙන් සැකකරුවන් සමඟ සුල-මුල අනාවරණය කරගත්තෙ දින සයක් වැනි කෙටි කාලයක් තුළදීයි.

සාමෙන් හිරන්ත ප්‍රනාන්දු 24 හැවිරිදිය.

ඔහු මග්ගොන, දියලගොඩ පදිංචි පිරිමි සහෝදරයන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. කලහේ සුමංගලෝදය විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීමෙන් පසු ගණිතය, විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ ගුරුවරයකු ලෙසින් කටයුතු කළ සාමෙන් 'ක්‍රිස්ට්' විනර් අධ්‍යාපන ආයතනය නමින් ආයතනයක්ද පවත්වාගෙන යමින් සිසු දරුවන්ගේ නිවෙස්වලටද ගොස් සිප්සතර ඉගැන්වීම් කළේය.

සාමෙන් විවාහ වූයේ මාතර ප්‍රදේශයේ වෙසෙන 21 හැවිරිදි තරුණියක වන රමේෂා සමඟිනි. ඒ මුහුණුපොත මඟින් හඳුනා ගැනීමෙන් පසු මීට වසර දෙකකට පමණ පෙරදීය.

සාමෙන් සාමාන්‍ය පවුලක වුවත් ඔහුගේ බිරිය රමේෂාගේ පාර්ශ්වය ධනවතුන්ය.

රමේෂාගේ දෙමාපියන්ට මාතර නගර මධ්‍යයේ නිල්වලා නදිය ආසන්නයේ විශාල තට්ටු ගොඩනැඟිල්ලක්ද තිබුණාය. එම ගොඩනැඟිල්ල කලෙක සිටම කුලී පදනමට දී තිබුණේය.

පසුගිය කාලයේ එහි කුලී පදනමට ව්‍යාපාර කටයුතු කළේ චින්තක මධුෂාන්ය. චින්තකට පෙර එම ගොඩනැඟිල්ලෙහි චින්තකගේ පියාණන්ද කුලී පදනම මත ව්‍යාපාර කටයුතු කර තිබිණි. පසුව චින්තකද එම ගොඩනැඟිල්ලෙ පවත්වාගෙන ගිය ව්‍යාපාර කටයුතු දියුණුවට පත්කරමින් යහමින් මුදල් හරිහම්බ කරමින් සුපිරි යානවාහනද සතුව විසුවේය.

ගොඩනැඟිල්ල හිමිකාරිය වූ රමේෂාගේ මව රුවනි ශානිකා 2018 ජනවාරි 12 වැනිදා රාවතාවත්තෙ සිය ඥාතියෙකුගේ නිවෙසට පැමිණ සිටියදී සාහසික පිරිසක් විසින් කුරිරු ලෙස ඝාතනය කර තිබුණාය.

තවමත් නොවිසඳුණු එම අපරාධය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශනයක් සිදුකරමින් සිටී.

මවගේ අනපේක්ෂිත ඝාතනයෙන් පසු එම ව්‍යාපාරික ගොඩනැඟිල්ලෙහි හිමිකාරිත්වය පවුලේ එකම දරුවා රමේෂා සතු වූවාය. රමේෂා සහ චින්තක අතර කලක් ප්‍රේම සබඳතාවක්ද තිබී ඇත. ඉන් වෙන්වුණු රමේෂා මුහුණුපොත මඟින් හඳුනාගත් සාමෙන් හිරන්ත හා විවාහ වූහ.

එම විවාහයත් සමඟ මාතර නගර මධ්‍යයේ අනගාරික ධර්මපාල මාවතේ පිහිටි රුපියල් කෝටි 40ක් පමණ වටිනාකමින් යුත් මැදගොඩ ව්‍යාපාරික ගොඩනැඟිල්ලෙ හිමිකාරිත්වයද සාමෙන්ට ලැබිණි. ඒ වන විට එහි කුලී පදනම මත චින්තක ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සිටියේය.

එහෙත් චින්තක නිසි පරිදි කුලී මුදල්ද නොගෙවා තිබූ හෙයින් සාමෙන් අධිකරණයේ නඩුවක් ගොනුකොට කුලී ගිවිසුම් කාලය ඉකුත් වීමටත් මත්තෙන් චින්තක එම ගොඩනැඟිල්ලෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

ඒ, ගිය වසරේදීය. එහිදී හිඟ බදු වාරික මුදල්ද ගෙවීමට වූ හෙයින් චින්තක, ඔහු සතුව තිබූ සුපිරි මෝටර් රථයක්ද විකුණා දමා ඇති බවකි.

එම කෝන්තරයත් සමඟින් චින්තක, සාමෙන් සමඟ බද්ධ වෛරයෙන් පසුවිය. සාමෙන් නැතිබැරි අයවලුන්ට උදවු උපකාර කිරීමට බොහෝ අවස්ථාවල ඉදිරිපත් වූ අයෙකි.

මේ අතර සාමෙන් පසුගිය දිනෙක මුහුණුපොතේ සැරිසරද්දී සීදුව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයෙහි නිරත බවට සඳහන් තරුණියකගෙන් කෙටි පණිවිඩයක් ලැබී තිබුණාය.

“අනේ මගේ තාත්තට අංශභාගේ... අපි හරිම දුප්පත් අය... මම කටුනායක වෙළෙඳ කලාපෙ ගාමන්ට් එකක වැඩ කරන්නෙ...“ එම කෙටි පණිවිඩයට සාමෙන්ගෙ හිත උණු වීමත් සමඟින් ඔහු ඇයට උදවු කිරීමට ඉදිරිපත් වෙමින් තරුණියගේ පියාණන් බැලීමටද යාමට සැරසුණේය. ඒ අනුව පසුගිය හත්වැනිදා සාමෙන් එම තරුණියට පවසා තිබුණේ,

“හෙට උදේ මං එනවා ඔයාව මුණගැසෙන්න... ඔයාගේ තාත්තවත් මට බලන්න ඕනෙ...“ ඒ අනුව පසුගිය 8 වැනිදා පෙරවරුවේ සාමෙන් මග්ගොන නිවෙස් ආසන්නයේ මිත්‍ර යෙක් වන වසන්ත සමඟ ඔහුගේ වෑන් රථයෙන් ඇයව මුණගැසීමට ගියහ. ඒ, රුපියල් දහපහළොස් දහසක වියළි ආහාර මල්ලක්ද රැගෙනයි.

“අයියේ... ඔයා සීදුවේ මුතුවාඩිය පාලම පහු කරලා මීටර් පන්සීයක් විතර එන්න... අපේ ගෙදර ඇතුළට වෙන්න තියෙන්නෙ... මම ප්‍රධාන පාර අද්දර ඉන්නම්...“

අධිවේගී මාර්ගය ඔස්සෙ ගිය දෙදෙනාට පෙරවරු 9.30 පමණ වෙද්දී ඇය කී ස්ථානයේදී ඇයව හමු වූහ. අනතුරුව වසන්ත රථයේ සිටිද්දී සාමෙන් ඇය හා කතාබස් කරමින් සිටියහ.

ගතවූයේ නිමේෂයකි. විදුලි වේගයෙන් පැමිණි ප්‍රියස් වර්ගයේ හයිබ්‍රිඩ් රථයක් දෙදෙනා සිටි ස්ථානයේ නතර විණි. කිසිවක් කිසිවකුට සිතා ගැනීමටවත් නොහැකි විණි. රථයෙන් බැසගත් දෙදෙනෙක් සමෙන් සහ තරුණිය එම රථයට දමාගෙන සැණින් පලා ගියහ.

කලබලයට පත් වසන්ත ඒ බව දැන්වූයේ සාමෙන්ගේ මවට සහ බිරියටයි. ඔහු පැහැරගෙන පැය කීපයකට පසු සීදුව පොලිසියට පැමිණිලි කළේ වසන්ත සමඟ සාමෙන්ගේ මවත් බිරියත් පැමිණයි.

සීදුව පොලිසියට ලැබුණු සාමෙන් පැහැරගත් පැමිණිල්ල පිළිබඳව මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චිගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශන ප්‍රමුඛ කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළහ.

මේ අතර පසුගිය දහවැනිදා සවස් යාමයේ නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ කොටවෙහෙර පොලිස් වසමේ කැලෑ රොදක නිරුවත් මළසිරුරක් තිබෙන බවට කොටවෙහෙර පොලිසියට තොරතුරක් ලැබිණි.

එකී මළසිරුර පිළිබඳව පොලිස් මූලස්ථානය දැනුම්වත් කිරීමෙන් පසු එම මළසිරුර සීදුවේදී පැහැර ගැනීමට ලක්වූ සාමෙන්ගේ සිරුර බව ඔහුගේ බිරිය රමේෂා සහ වසන්ත විසින් හඳුනා ගත්හ.

සාමෙන් සහ තරුණිය යන දෙදෙනාගෙන් සාමෙන්ගේ සිරුර පමණක් පැහැර ගැනුණු ප්‍රදේශයේ සිට කිලෝමීටර් සිය ගණනකට ඈතින් හමුවීම පිළිබඳව පොලිසියටද ප්‍රහේලිකාවක් පැන නැඟිණි.

කෙසේ හෝ සීදුව පොලිසිය සිදුකළ සීසීටීවී කැමරා දසුන් දහස් ගණනක තොරතුරු ඔස්සෙ පසුගිය 14 වැනිදා සාමෙන් පැහැරගෙන ඝාතනය කිරීමේ සුල-මුල අනාවරණය කරගත්තෙ සැකකරුවන් සිවුදෙනෙකුද සමඟිනි.

ඒ ප්‍රධාන සැකකරු මාතර, මැදගොඩ ව්‍යාපාරික ගොඩනැඟිල්ලෙ කුලී පදනම මත සිටි වීරකැටියේ පදිංචි 29 හැවිරිදි චින්තක මධුෂාන් සමඟ වීරකැටියේම වූ 36 හැවිරිදි චතුරංග හෙවත් කුමාර, මාලිම්බඩ අයෙක් වන 19 හැවිරිදි තුෂාර රාජුබායි සහ හුළංපිටියේ පදිංචි 25 හැවිරිදි ලක්මාල් හෙවත් මීගස්ආර සමඟින් සාමෙන් කූට උපක්‍රමයක් යොදා සීදුවට ගෙන්වාගත් හක්මණ කිරින්ද-පුහුල්වැල්ලෙ පදිංචි 22 හැවිරිදි සජිත්‍රානිය.

“සර්... සාමෙන් නියමිත බදු කාලය ඉක්ම යන්නටත් පෙර මාව කඩෙන් අයින් කළා... ඒකෙන් මාව නැත්තටම නැතිවුණා... ඒ නිසයි මං මේ දේ කළේ...“ ගිය වසරේ ව්‍යාපාරික ගොඩනැඟිල්ලෙන් ඉවත් කිරීමත් සමඟ සාමෙන් සමඟ දැඩි වෛරයෙන් පසුවූ චින්තක, වරක් සාමෙන්ව ඔහුගේ මග්ගොන නිවෙසේදීම ඝාතනය කිරීමටද සැලැසුම් කළත් එය ව්‍යර්ථ වී තිබූ බවද අනාවරණය වූහ.

අනතුරුව සාමෙන් කෙසේ හෝ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට චින්තක කූට උපක්‍රමයක් යෙදුවේ සජිත්‍රානි මඟින් ව්‍යාජ මුහුණු පොතේ ගිණුමක් අරඹමිනි.

සජිත්‍රානි, චින්තකගේ බිරියගේ යෙහෙළියකි. ඇයට සාමෙන් වෙනත් ප්‍රාදේශයකට රැගෙන යාමට ලක්ෂ පහක් දීමට පොරොන්දු වී ඇත. එම උප්පරවැට්ටියට සජිත්‍රානි සීදුවට යවා එම ප්‍රදේශයෙන් රුපියල් දසදහසකට කුලී නිවෙසක්ද රැගෙන දී තිබුණේ චින්තක විසිනි. පසුගිය අටවැනිදා සාමෙන් සහ සජිත්‍රානි කතාබස් කරමින් සිටියදී චින්තක සහ තවත් සිවුදෙනෙකුගෙන් යුත් කණ්ඩායම පැමිණ දෙදෙනා පැහැර ගත්තත් සජිත්‍රානි අතරමඟදී රථයෙන් බස්සා තිබුණේ රුපියල් විසිදහසක්ද ලබා දෙමිනි.

පසුව රථය තුළදී සාමෙන්ට දසවධ දී ලණුවකින් ගෙල සිඳ ඝාතනයකොට ඇඳුම්ද ගලවා දමා සිරුර කොටවෙහෙර කැලෑරොදකට දමා ගොස් තිබුණේ පැහැරගත් දිනමයි.

සාමෙන් මියගියේ ද යන්න සැක සිතූ පිරිස මඳ දුරක් ගොස් නැවත පැමිණ සාමෙන්ගේ සිරුරට මන්නයකින්ද කොටා යාමට තරම් සාහසික වී තිබේ.

සාමෙන් පැහැරගත් මොහොතේ ක්‍රියාත්මකව තිබූ අවට සීසීටීවී කැමරා දසුන් දහසකට වඩා නරඹා තිබිණි. එහිදී සාමෙන් පැහැරගත් රථයේ අංකය හඳුනාගැනිණි.

ඒ වෙසෙල් වර්ගයේ රථයක් බවයි. එහෙත් ඔහු පැහැරගෙන තිබුණේ ප්‍රියස් වර්ගයේ රථයකිනි. ඉන් පොලිසියට අනාවරණය වූයේ පැහැරගත්තවුන් ව්‍යාජ අංක තහඩුවක් රථයට සවිකොට පැමිණ ඇති බවයි. අනතුරුව එම අංක තහඩුව පිළිබඳව මුලින්ම විමර්ශනයක් සිදු කළේය.

“එම අංක තහඩුවට අදාළ රථය පාණදුරේ රෙදිපිළි ව්‍යාපාරිකයකුගේ බවට අපට හෙළි වුණා. මොහු පැහැරගත් අටවැනිදා අලුයම තුනට විතර එම වෙසෙල් රථයෙන් ව්‍යාපාරිකයා පාණදුරේ වෙළෙඳසලට ඇවිත් තියෙනවා. ඒ අවස්ථාවේ තමයි අංක තහඩු ගලවාගෙන තියෙන්නෙ...“ විමර්ශනවලට එක්වූ උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

එලෙස සාමෙන් පැහැරගත්තවුන් එම වෙසෙල් රථයෙන් අංක තහඩු ගලවාගෙන යන ආකාරය අසල සීසීටීවී කැමරාවකද මනා ලෙස සටහන් වී තිබිණි. පසුව රථයේ හිමිකරු විසින් ඒ බව පොලිසියටද පැමිණිලි කෙරිණි.

පසුව සාමෙන් පැහැරගත් රථයේ අංක තහඩුව ඔස්සෙ සිදුකළ විමර්ශනවලටද ‘තිත‘ තැබීමට වූයේ තවදුරටත් ඒ ඔස්සෙ විමර්ශන සිදුකිරීමට තොරතුරු කිසිවක් නොවූ හෙයිනි.

එහෙත් එම රථය ගමන් කළ මාර්ගයේ සීසීටීවී කැමරා දසුන් පිරික්සූ නිලධාරින් අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සීසීටීවී කැමරාවන්ද පරීක්ෂා කළේය.

එහිදී විමර්ශන නිලධාරින්ගේ ඇස ගැටුණේ සාමෙන් පැහැරගත් රථය, එහි සැබෑ අංකයෙන් එම පිවිසුමෙන් පිටවන ආකාරයයි. එම අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කිරීමේදී රථයේ හිමිකරු සාමෙන් සමඟ ඉකුත් කාලයේ දැඩි වෛරයකින් සිටි චින්තක මධුෂාන්ට අයත් බවයි.

අනතුරුව චින්තක මධුෂාන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් ඔස්සෙ සාමෙන් සීදුවට කැඳවාගත් සජිත්‍රානිද හක්මණ, කිරින්දේදී අත්අඩංගුවට ගත්තාය.

සීදුව පොලිසිය පවසන්නෙ මෙකී ඝාතනයට සම්බන්ධ මොරටුව, අඟුලානේ තවත් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

සජිත්‍රානි සහ සෙසු සැකකරුවන් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සජිත්‍රානි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ප්‍රධාන සැකකරු චින්තක ඇතුළු පිරිස 21 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට සීදුව පොලිසියට අවසර ලැබිණි.

“සර්... රමේෂාගේ අම්මා මරපු එකනම් මං දන්නෙ නෑ...“ චින්තක එසේ කීවද පොලිසිය සාමෙන්ගේ නැන්දම්මාගේ ඝාතනයටද මෙකී සැකකරුවන්ගේ සබඳතාවක් තිබේද යන්න පුළුල්ව විමර්ශනයක් සිදුකරමින් සිටී.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ඍජු අධීක්ෂණයෙන් මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චිගේ මෙයෙවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශන ඇතුළු උපපොලිස් පරීක්ෂක රණතුංග, කොස්තාපල්වරුන් වන 33256 කුමාරදාස, 60302 මංජුල, 79888 තිලකරත්න, 72566 හේරත් සහ 257323 විතාරණ ඇතුළු නිලධාරිහු විමර්ශන සිදු කරති.

අමිල මලවිසූරිය
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top