ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩක වෙන්දේසීය ඊයේ දිනයේදී චෙන්නෙහිදී පැවැත්වුණා.
එහිදී කෝටි 16.25කට ක්‍රිස් මොරිස් මිලදී ගැනීමටයි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණේ.
මේ අතර ක්‍රිස් මොරිස්ට අමතරව ඊයේ දිනයේදී විශාල කතාබහක් නිර්මාණය කළ ක්‍රීඩකයා වූයේ ශාරුක් ඛාන්.
තමිල්නාඩු ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ඔහු ප්‍රවේකගාරී පිතිකරුවෙකු බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසන්නේ.
25 හැවිරිදි ඔහු අර්ධ කාලීන වේගපන්දු යවන්නෙකු ලෙස කටයුතු කරන බව ද සඳහන්.
ශාරුක් ඛාන්, තමිල්නාඩු ප්‍රීමියර් ලීගයේ නිත්‍ය ක්‍රීඩකයෙකු වීමත් විශේෂත්වයක්.
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසීයේදී, ඔහුව ප්‍රීති සින්ටා හිමිකාරීත්වය දරණ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
ඒ, ඉන්දියානු රුපියල් කෝටි 5.25කටයි.